leader s

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ 'විෂම භාග' චිත්‍රපටය ශ්‍රද්ධා රූපවාහිනී යූ ටියුබ් නාලිකාව ඔස්සේ (Shraddha tv youtube ) අද රාත්‍රී 08.00 ට විකාශනය වීමට නියමිතයි. 
හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පවුලේ චිත්‍රපටය, හොඳම අධ්‍යාපනික චිත්‍රපටය, හොඳම නළුවා ආදී අන්තර්ජාතික සම්මාන 50 කට අධික ප්‍රමාණයකින් පිදුම් ලබා ඇති 'විෂම භාග' වැඩිම අන්තර්ජාතික සම්මාන ලැබූ ලාංකීය චිත්‍රපටය වේ. 
 
ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍යා පුනාන්දු, තිලක්ෂණී රත්නායක, ප්‍රියන්ත සිරිකුමාර‍ රංගනයෙන් දායක වන අතර හඳුන්වාදෙන ළමා නළු පංකජ වික්‍රමරත්න සහ පන්සිළු වික්‍රමරත්න ප්‍රධාන චරිත නිරූපණය කරති. 
 
ජැක්සන් ඇන්තනී කලාකරුවා ප්‍රථම වරට අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලබන්නේ ද 'විෂම භාග' චිත්‍රපටයෙනි. 
 
ලොව ප්‍රමුඛ සිනමා උළෙලක් වන චීනයේ 'ෂැන්හයි' (Shanghai) අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟ වැදුනු ප්‍රථම ශ්‍රී ලාංකේය චිත්‍රපටය එය වන අතර 'ඒෂියන් නිව් ටැලන්ට් අවෝර්ඩ්'  (Asian New Talent Award) සම්මානයන්ට නිර්දේශ විය. 
 
'ගෝවේ' පැවැති 50 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ ස්පිරිට් ඔෆ් ඒෂියා (Spirit of Asia) වර්ගීකරණයෙන් පිදුම් ලබමින් ලොවක් අබිමුව ලාංකීය සිනමාව බැබළවූ 'විෂම භාග' මෙවර 'සාක්' (SAARC) චිත්‍රපට උළෙලද ඇතුළුව ලොව සිනමා උළෙල රැසක දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලදි. 
 
 
 

 
ලලිත් රත්නායකයන්ගේ ප්‍රථම සිනමා නිර්මාණය වන 'විෂම භාග' ශ්‍රද්ධා රූපවාහිනී නිශ්පාදනයකි. මෙම අපූරු සිනමා පටය අද රාත්‍රී 08.00 ට ශ්‍රද්ධා රූපවාහිනී යූ ටියුබ් නාලිකාව ඔස්සේ (Shraddha tv youtube) ප්‍රථම නිල විකාශනය සිදු කරන අතර ඉන්පසු ලොව පුරා සිටිනා ඕනෑම අයෙකුට නොමිළේ නැරඹිය හැකිය.
 
සෑම දරුවෙකුම, සෑම ගුරුවරයෙකුම සහ සෑම දෙමව්පියෙකුම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස මෙය විචාරක ඇගයීමට පාත්‍ර විය. ලාංකීය අධ්‍යානයේ නිවැරැදි විය යුතු පැතිකඩක් මේ ඔස්සේ සියුම් ලෙස විවරණය කරනු ලබනවා.
  
THE LEADER TV 
සන්නා මහ රෑ ‌හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!
 
 
 
පොළොං නරුවෝ 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්