(වාරණය නොකළ යුතු යථාර්ථය පිළිබිඹු කෙරෙන 'නිරාවරණ')
 
 
ප්‍රවේශය:
 
‘ආලින්දයෙන් ඔබ්බට’ විශේෂාංගය තුළින් අද ඉදිරිපත් කරන ටෙලි නිර්මාණය කිසියම් වෙනස් මානයක් ස්පර්ශ කළ ප්‍රස්තුතයකි. නමුදු එකී වෙනස් සහ නව්‍යභාවය හේතුවෙන් ම අදාළ ටෙලි නිර්මාණය අවසාන වනතෙක් ප්‍රදර්ශනය නොකරන්නට එය ප්‍රදර්ශනය කළ රූපවාහිනී නාලිකාව තීරණය කර ඇති බව ද You Tube නාලිකාව තුළින් එය නැරඹීමේ දී දැනගන්නට ලැබිණ.
 
අදාළ ටෙලි නිර්මාණයට පාදක කරගෙන ඇත්තේ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු මෙන් ම චිත්‍රකතා ශිල්පියකු ද වන අනුර ශ්‍රීනාත් විසින් නිර්මිත චිත්‍ර කතාවකි. චිත්‍රකතාව නම් කර තිබි ඇත්තේ ‘‘කවුරුවත් නෑ ආදරේ’’ යන මැයෙනි. එය ටෙලි නිර්මාණයට නැගීමේ දී ‘‘නිරාවරණ’’ ලෙස වෙනස් කර ඇත. 
 
චිත්‍රකතාව නොකියවා ඇති බැවින් ටෙලි නිර්මාණ අධ්‍යක්ෂකවරයා වෙතින් චිත්‍රකතාවට කෙරම් දුරට සාධාරණයක් ඉටු වි ඇති ද නැති ද යන්න පැවසීම අපහසු වුව ද කිනම් හේතුවක් මත හෝ සම්පූර්ණ නිර්මාණය එලෙස ම ඉදිරිපත් කිරිමට නොහැකි වි ඇති බව සමස්ත නිර්මාණය දෙස අවධානය යොමු කිරීමේ දී දැකගත හැකි ය. 
 
එබැවින් මගේ ලියැවිල්ල යොමුවන්නේ මෙබදු නිර්මාණ තුළින් අපි උකහාගතයුතු දැ මොනවාද යන්න පිළිබඳව ය. 
 
මෙය සැලකිල්ලට ගෙන මෙම නිර්මාණය නරඹා නොමැති ප්‍රේක්ෂක පිරිස් සිටිනම් එය You Tube ඔස්සේ නරඹන ලෙසත් නැරඹූ ප්‍රේක්ෂක පිරිස මෙම නිර්මාණය පිළිබඳ යළි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමි.
 
 
විද්‍යාත්මක පදනම සහ විඥානවාදි පදනම
 
 
WhatsApp Image 2021 09 19 at 10.26.15 AM
 
ආතර් සී. ක්ලාක් නම් වූ විද්‍යාඥයා එසේ පැවසුවේ 1945 වසරේ පැවති The future of World Communication නම් විද්වත් හමුවේ දී ය. නමුදු එවකට පැවති තාක්ෂණික තත්ත්වය මත එබඳු දෙයක් කළ හැකි ද යන්න පවා විස්මයජනක විය. එකී විශ්මය මේ වන විට සාමාන්‍යකරණය වී ඇත.
 
 ඒ ආතර් සී ක්ලාක් එදා පැවසූ දෙය වර්තමානයේ යථාර්ථයක් බවට පත්කර ඇති බැවිනි. එකි යථාර්ථයේ සමාරම්භක අවස්ථාව වන්නේ 1957 ඔක්තෝම්බර් 04 වෙනිදා සෝවියට් රුසියාව ලොව ප්‍රථම චන්ද්‍රිකාව, එනම් ස්පුට්නික් 1 කක්ෂ ගතකිරීම හේතුවෙනි.
 
ඔහු එදා එසේ පැවසුවේ කිසිදු විඥානවාදී පදනමකින් නොව විද්‍යාත්මක පදනමකිනි. ලෝකයේ පහළ වූ ආදිතම මිනිසාගේ සිට මේ දක්වා වෙසෙන සියලු මිනිසුන් කිසියම් දෙයක් අත්පත් කරගත්තේ නම් ඒ ද විද්‍යාත්මක පදනමක් මත පිහිටා මිස මිථ්‍යා පදනමකින් හෝ විඥානවාදි පදනමක පිහිටා නොවේ. 
 
එසේ අත්පත් කරගත් දෑ කිසිවක් කිසිදු පදනමක් මත බැහැර කළ ද නොහැකි ය. අනාගතයේ ද තවත් බොහෝ විස්මයජනක දෑ සොයාගැනීමට ද විද්‍යාවට හැකි බව සක් සුදක් සේ පැහැදිලි ය. 
 
එහෙත් එසේ සොයාගන්නා නව්‍ය දෑ මිනිසාගේ පැවැත්මට භාවිත කරනවා ද විනාශයට භාවිත කරනවා ද යන්න පිළිබඳව නම් ගැටලුවක් පවතී. මන් ද අපි දන්නා ඉතිහාසය පුරා ම විද්‍යාව භාවිත කර මිනිසාගේ දියුණුව වර්ධනය කරගත් ප්‍රමාණයට අඩු වැඩි වශයෙන් විනාශය ද ළඟා කර දී ඇත. 
 
විශේෂයෙන් ම එකෙක් පරයා තවකෙක් නැගී සිටීම සඳහා විද්‍යාව භාවිත කිරීම ඉතා භයංකාර ය. නමුදු දියුණු යැයි සම්මත රටවල් විසින් සිදු කරනු ලබන්නේ ම යට කී ආකාරයේ භයංකාර දෑ ම ය. ඒ අතරවාරයේ යහපත් දෑ නොකරනවා ද නොවේ. 
 
ඊට ආසන්නත ම උදාහණය වර්තමානයේ පවත්නා කොවිඩ් වසංගතය තාවකාලිකව හෝ මර්දනය කිරීම (සදාකාලිකව විනාශ කිරීම හෝ වළකාලීම සඳහා නොවේ. එමෙන් ම එය ද හුදු වෙළඳපළකරණයේ ම තවත් පියවරක් බව ද අමතක නොකළ යුතු ය.) සඳහා නිපදවා ඇති එන්නත යි.
 
 
විද්‍යාව: මිනිසාගේ පැවැත්ම සහ විනාශය:
 
 
මිනිසාගේ යහපතට මෙන් ම අයහපතට භාවිත කිරීම උදෙසා නිර්මාණය කරන මෙම විද්‍යාත්මක සොයාගැනීම්වල දෘශ්‍යමාන මෙන් ම අදෘශ්‍යමාන පාර්ශ්ව කිහිපයක් පවතී. එය පහත පරිදි හැඳින්විය හැකි ය. 
 
 
පළමු පාර්ශ්වය ලෙස කිසියම් විද්‍යාත්මක වස්තුවක් නිර්මාණය කරනු ලබන පුද්ගලයා (විද්‍යාඥයා)ගේ සිට ඒ සඳහා භාවිත කරන මිනිස් ජීවින් සහ වෙනත් විවිධ ජීවින්ගේ ජීවිත විනාශ කිරීම පිළිබඳ වගකීම මෙන් ම අදාළ විද්‍යාඥයන්ගේ ජීවිත පිළිබඳ වගකීම තීරණය කරනු ලබන්නේ කවුරුන් විසින් ද යන්න ය. 
 
මොනයම් හේතුවක් මත හෝ මිනිස් ජීවිතයක් මරණයට පත්කිරිම යනු නිතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එමතු නොව කිසියම් විද්‍යාත්මක පර්යේෂණයක් (අධිකරණයෙන් අවසර ලද පශ්චාත් මරණ පරීක්ෂණයකට හැර) සඳහා වුව ද වළ දැමූ මෘත ශරීරයක් යළි ගොඩගැනීම, එය යළි කපා කොටා පර්යේෂණ කිරීම ද නීතියට පටහැනි ය. 
 
නමුත් විද්‍යාඥයා සිය පර්යේෂණය සාර්ථකව කරන්නේ නම් යට කී සියල්ල අදාළ පරීක්ෂණයට අදාළ යටිතල පහසුකම් ය.
 
අදාළ අත්හදා බැලීම් සඳහා ජීවග්‍රහයෙන් සිටින විවිධාකාරයේ ජීවින් රසිගතව හෝ භාවිත කළ ද  මිනිස් ජීවියෙකු සිය කැමැත්තෙන් සම්බන්ධ කරගැනීම ද ඉතා අසීරු කාර්යයකි. එවන් අවස්ථාවක දී විද්‍යාඥයාට හෝ විද්‍යාඥ කණ්ඩායමට සිදුවන්නේ අදාළ පර්යේෂණයට අවශ්‍ය මිනිස් සම්පත් නීත්‍යනුකුල නොවන ආකාරයට ලබාගැනීම ය. එය වඩාත් බියකරු ය. 
 
මන්ද කිසියම් ආකාරයකින් එසේ භාවිතයට ගන්නා මිනිස් ජීවියාගේ ජීවිතය අහිමි වුවහොත් ඔහුගේ හෝ ඇයගේ මතු නොව ඔහුගෙන් හෝ ඇයගෙන් යැපෙන්නන් ද බරපතළ අර්බුදයකට මුහුණ දෙන බැවිනි. ඒ සඳහා කළ යුත්තේ කුමක් ද යන්න ලෝක විද්‍යාඥයන්ගේ සංගමය වුව ද තවමත් නිශ්චය කර නොමැති තත්ත්වයක් තුළ සිදුවන්නේ හෝ සිදු කරන්නේ කුමක් ද? අදාළ විද්‍යාත්මක පර්යේෂණ සඳහා අවශ්‍ය මිනිස් සම්පත් හොර රහසේ ම ලබාගැනීම ය.
 
 පරීක්ෂණය සාර්ථක වී, ඒ සඳහා භාවිත කළ මිනිස් ජීවියාගේ ජීවිතය ගලවාගත හැකි වුවහොත් හෝ අසාර්ථක වී ඔහු හෝ ඇය මියගිය හොත් කුමක් කළ යුතු ද යන්න පිළිබඳ නිත්‍යනුකූල පදනමක් පිළිබඳව අවධානය යොමු කරන්නට ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ වගකීම් දරන  international science council, international  council for science, The World Academy of Sciences යනාදි කිසිදු සංවිධානයක් අවධානය යොමු කර නොමැත. 
 
එවන් තත්ත්වයක් තුළ යට කී පරිදි අදාළ විද්‍යාඥයන්ගේ මෙන් ම අදාළ පර්යේෂණ සඳහා භාවිත වන මිනිස් ජීවින්ගේ ද ජීවිත අවදානමක පවතී.
 
 
දෙවන පාර්ශ්වය නම් දේශපාලන බලාධිකාරිය යි. එනම් කිසියම් පුද්ගලයෙක් (විද්‍යාඥයෙක්) හෝ කණ්ඩායමක් (විද්‍යාඥයන් පිරිසක්) ස්වෝත්සාහයෙන් කිසියම් පර්යේෂණයක් කළ විට හෝ කරමින් පවතින විට ඒ අතරට දේශපාලන බලාධිකාරිය මැදිහත්වීම ය. 
 
 
එවන් අවස්ථාවල දී පවත්නා හෝ අනාගතයේ බලය ලබාගන්නට බලාපොරොත්තුවෙන් සිටින දේශපාලනාධිකාරිය අදාළ විද්‍යාඥයින් කණ්ඩායම විසින් කරනු ලබමින් සිටින පර්යේෂණයේ අවසන් පලය තමන්ගේ දේශපාලන වාසිය සඳහා භාවිත කිරීම ය. 
 
එය ඇතැම් විට විද්‍යාඥ කණ්ඩායමේ කැමැත්තෙන් සිදුවිය හැකි ය. එසේත් නොමැති නම් බලහත්කාරි ලෙස ඉටුකර ගතහැකි ය. මේ ක්‍රම ද්විත්වයට අමතරව කණ්ඩායම තුළ සිටින එක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ පාවාදීමක් හේතුවෙන් සිදුවිය හැකි ය. 
 
යට කී කුමන ආකාරයෙන් වුව ද සිදුවන්නේ සමස්ත ලෝක ප්‍රජාවගේ ම යහපත උදෙසා කළ කිසියම් පර්යේෂණයක ප්‍රතිඵල බලගතු කණ්ඩායමකගේ ප්‍රයෝජනය සඳහා පමණක් භාවිත වීම සිදුවීම ය.
 
 
අහිතකර ම තත්ත්ව:
 
 
ඕනෑම විද්‍යාත්මක සොයාගැනීමක පශ්චාත් තත්ත්ව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී (විශේෂයෙන් ම පරීක්ෂණ මට්ටමේ පවතින) දක්නට ලැබෙන තවත් බියකරු තත්ත්වයක් වන්නේ අදාළ නිෂ්පාදනය භාවිත කිරීම හේතුවෙන් හටගන්නා අතුරු ඵල (අතුරු ආබාධ හෙවත් Side effects) ය. වර්තමානයේ මේ සඳහා ද අවශ්‍ය තරම් උදාහරණ දැකගත හැකි ය. 
 
එසේ නම් කිසියම් පුද්ගලයෙකු අදාළ විද්‍යාත්මක සොයාගැනීම පවතින්නේ පර්යේෂණ මට්ටමේ බව දැන හෝ නොදැන එය භාවිත කළේ නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කෙබඳු වේ ද සහ ඒ සඳහා වග වන්නේ කවුද? මේ සියල්ලෙන් සිදුවන්නේ එක් පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ජීවිත අවදානමට ලක්වීම ය. 
 
එසේ නොවන්නට නම්, එනම් අදාළ පර්යේෂණ සදහා කිසිවකු සිය කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ නම් ඔහු හෝ ඇය වෙනුවෙන් කිසියම් වන්දි මුදලක් ගෙවිය යුතු නොවන්නේ ද? නමුදු සිදුවන්නේ කුමක් ද? මේ තාක් සිදුවි ඇත්තේ කිසියම් පුද්ගලයෙක් කැමැත්තෙන් ඉදිරිපත් වුව ද එය ඔහු හෝ ඇය පමණක් ම දැන සිටීම ය; අදාළ පුද්ගලයා මිය ගියහොත් එහි වගවීම බාරගැනිමට කිසිවකු ඉදිරිපත් නොවිම ය; ඔහුගේ හෝ ඇයගේ යැපෙන්නන් අසරණභාවයට පත්වීම ය.
 
නමුදු ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් සිදු කරන කිසියම් පර්යේෂණයක් සදහා ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වන පුද්ගලයාට සහ ඔහුගේ හෝ ඇයගේ යැපෙන්නන් එබඳු තත්ත්වයකට පත්විය යුතු ද? ඒ සදහා ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු විය යුතු නොවේ ද?
 
 
වගවිය යුත්තෝ කළ යුත්තේ කුමක් ද?
 
 
maxresdefault 9 
 
‘‘නිරාවරණ’’ ටෙලි නිර්මාණය, ටෙලි නිර්මාණයක් ලෙස රසවින්ද ද අදාළ නිර්මාණයේ යටි පෙළ කියවීමේ දී මසිතට නැගුණේ යට කී ප්‍රශ්නාවලිය යි. මතකුපිට කතාව අභිභවන මේ යටි පෙළ විශ්වීය ප්‍රේක්ෂක ප්‍රජාවගේ ද අවධානය යොමු විය යුතුය යන්න මගේ පුද්ගලික අදහස ය. 
 
ඊට සුදුසු ම සහ එකම විකල්පය අදාළ නිර්මාණය විශ්වියකරණයට ලක් කිරීම ය. එනම් මෙම ටෙලි නිර්මාණය ඉංග්‍රිසි හඬ කැවිම හෝ ඉංග්‍රීසි උපසිරැසි යෙදීම ය. 
 
නමුත් අවාසනාවකට අපේ රටේ පවත්නා මුග්ධ දේශපාලන අධිකාරිය විසින් කරනු ලැබ ඇත්තේ කුමක් ද යන්න වගකිව යුත්තෝ අවධානය යොමු කළ යුතු ය. නමුදු වගකිව යුත්තෝ ම මෙලෙස සිදු කර ඇත්නම් (පන්සල් මිදුලේ චීවරධාරියෝ ම මලපහ කර ඇත්නම්) එයින් ඔබ්බට සිදු කළ යුත්තේ කුමක් ද යන්න උභතෝකෝටිකයක් නොවේ ද?
 
 
‘‘නිරාවරණ’’ නිර්මාණයට දායක වූවෝ
 
 
රංගනය:- හේමසිරි ලියනගේ, වොල්ගා කල්පනී, සුසිල් පෙරේරා, චාමී සේනානායක, ජෙහාන් අප්පුහාමි, චමීර ශානක, හේමන්ත ඊරියගම, සෙනාලි ෆොන්සේකා, ගිතාකාන්ති ජයකොඩි, කුසුම් මල්දෙණිය, කෝරළගේ සමන්, පබසරා කාරියවසම්, නිශාන් අබේසිංහ, ගීතා අලහකෝන්, පූජන දන්දෙණිය, සංජුල දිවාරත්න, කිංස්ලි ලෝස්, සුසන්තා චන්ද්‍රමාලි, ඉෂාන් මෙන්දිස්, මහින්ද කරුණාරත්න, විමල්ජිත් දොඹගහවත්ත, චන්දිමා කරුණාදාස, ගාමිණී ජයරත්න, සනත් ජානක
 
 
සංගීත අධ්‍යක්ෂණය:- ළහිරු මාඩිවිල
 
නිෂ්පාදනය:- නුවනි වලිමුනි
 
අධ්‍යක්ෂණය:- රොෂාන් කුරුප්පු
 
 
 
jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 2021/09/18
 
 
 
 
 
 
 
 ආලින්දයෙන් ඔබ්බට ජයසිරිගේ වෙනත් ලිපි :
 
 
 
 
 
 
 
 

THE LEADER TV 
 
බේබද්දෝද රාජ්‍ය ඇමතියෝය. 
 
 
සන්නා මහ රෑ ‌හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්