සාහිත්‍ය - කලා
Showing page 13 of 61 (912 articles)

ලාංකේය ගීත කෝකිලාවිය සහ මගේ අත්දැකීම් කිහිපයක් | ලයනල් බෝපගේ
"ලාංකේය ගීත කෝකිලාවිය", ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අභාවය ලාංකීය සංගීත ලෝකයේ පිරවිය නොහැකි රික්තයක් නිර්මාණය කර තිබේ.

75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 මෙන්න
ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම මෙම 2025 වසරට යෙදී තිබේ.

11වැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ 2025 දෙසැම්බර් 30 සිට
අඛණ්ඩව 11වැනි වරටත් සංවිධානය කෙරෙන ලංකාවේ පැවැත්වෙන එකම අන්තර්ජාතික සිනමා උලෙළ වන "යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ" (Jaffna International Cinema Festival) 2025 දෙසැම්බර් 30 සිට 2026 ජනවාරි 04 දක්වා යාපනයේ දී පැවැත් වේ.

'නිළ ඇඳුමක් ඇඳ ගෙන ගීත ගායනා කරන්න හැමෝටම ලැබෙන්නේ නෑ' - අංජලී හේරත් (video)
ගායන ශිල්පීන් කොතරම් සිටියත්, නිල ඇඳුමක් දරමින් ගායනයේ නිරත වන්නට සෑම දෙනාටම අවස්ථාව නොළැබෙන බවද, එය තමන්ට මහත් වටිනාකමක්, ගරුත්වයක් බවත් ජනප්‍රිය ගයන ශිල්පිනී අංජලී හේරත් පවසනවා.

විනිශ්චය අවි - නිශ්චිතය ' Father ' ජනවාරි 09 දා සිට රිදී තිරයට
ශ්‍රී ලාංකේය සිනමාලෝලීන් මහත් උනන්දුවකින් බලා සිටි, චමින්ද ජයසූරියගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන "Father - ෆාදර්" චිත්‍රපටය එළඹෙන 2026 ජනවාරි 09 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

'මගේ රූපය එන්න එන්නම මාලිනී අක්කගේ රූපයට සමාන වෙනවා' - දමයන්ති ෆොන්සේකා (video)
මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එක් උනේ දමයන්ති ෆොන්සේකායි.

අනෝමා රාජකරුණාගේ ‘හූනා ලැග්ග බාල්කේ’ කාව්‍ය කෘතිය එළිදැක්වීම සහ කවි සැඳෑව අද සවස 3ට
'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ ප්‍රකට කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ නවතම කාව්‍ය සංග්‍රහය 'හූනා ලැග්ග බාල්කේ' එළිදැක්වීම සහ ඒ නිමිත්තෙන් සංවිධානය කළ කවි සැඳෑව දෙසැම්බර් 20 වැනිදා, සෙනසුරාදා සවස 3.00ට ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe Institut) පැවැත්වේ.

අනෝමා රාජකරුණාගේ 'හූනා ලැග්ග බාල්කේ’ කවි එකතුව සහෘදගත කිරීම සහ කවි සැඳෑව දෙසැ: 20
'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ දෙවන කවි එකතුව 'හූනා ලැග්ග බාල්කේ' සහෘදගත කිරීම සහ ඒ නිමිත්තෙන් සංවිධානය කළ කවි සැඳෑව දෙසැම්බර් 20 වැනිදා, සෙනසුරාදා සවස 3.00ට ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe - Institut) පැවැත්වේ.

'ගැහැනු ළමයින්ට සිනමාවට යන්න බෑ කියලා එකක් නෑ' - ධනංජනා දුරගේ (video)
මෙවර ‘mirror arts’ (behind the lens) වැඩසටහන සමග කතාබහට එක් වූයේ තරුණ වාර්තා චිත්‍රපට නිර්මාණකාරිනියක් වන ධනංජනා දුරගේයි.

අඩසියවසක් දකුණ කලඹා උතුරෙන් යළි ඉපදුණු මකරා | හර්ෂා සුගතදාස
‘ද ඩ්‍රැගන්’ ඉපදුණේ 40 දශකයේදී සෝවියට් දේශයේය. දශක තුනකට පසුව ඌ ලක්දිවට ගොඩබැස්සේ ‘මකරා’ ලෙස වෙස් වලාගෙනය. ඉනික්බිති මකරාක්ෂයා ලෙසත් යළි මකරා ලෙසත් පෙනී සිටිමින් පුරා දශක පහක් දකුණ කලඹමින් එහි සැරිසැරූ මේ අද්භූත සත්ත්වයා, දැන් ‘කොට්ටම්’ නමින් උතුරෙන් ප්‍රාදූර්භූත වී සිටී!

මම අද මෙතන ඉන්න හේතුව මගේ ජීවිතයේ මට හමුවුණ කාන්තාවන් - රන්දික ගුණතිලක (වීඩියෝ)
දැනට සිටින තමා හැදෙන්නත්, මිනිස්සු පිළිබඳව මේ ආකාරයට සිතන්නත් තමන්ට බලපෑවේ තමන්ට මුණ ගැසුණු කාන්තාවන් යැයි ප්‍රවීණ රංගන ශිල්පී රන්දික ගුණ තිලක පැවසී ය.

දරුවන්ගේ ආදරය මැජික් එකක්: ශකීරාගේ සංවේදී පණිවිඩය
ලෝක ප්‍රකට පොප් ගායිකා ශකීරා (Shakira) ඇගේ ජීවිතයේ අසීරුම මොහොතකදී තමන්ට සුවය හා ශක්තිය ගෙන ආ පුතුන් දෙදෙනාව ප්‍රථම වතාවට වේදිකාවට ගෙන ආ සිදුවීමත්, දරුවන්ගේ ආදරයේ බලය පිළිබඳ ඇය කළ සංවේදී සටහනත් මේ වනවිට සමාජය පුරා දැඩි කතාබහට ලක්ව තිබේ.

බල්සාක් කැෆේ : Martin Parr සහ නූතන මානව විකාරරූපය | මංජුල වෙඩිවර්ධන
ඡායාරූපකරණය පිළිබඳව උනන්දුවක් දක්වන කවර මහද්වීපයක වුව ජීවත් වන, ඕනම තරාතිරමක ඉන්ස්ටග්‍රෑම් ලෝලීයකුගේ මේ නිශ්චිත මොහොතේ "ඇල්ගොරිද්මීය'' රූප චක්‍රය හරහා මතුවන මුඛ්‍ය චරිතය වන්නේ මාර්ටින් පාර් නම් බ්‍රිතාන්‍යයක්කාරයාගේ මුහුණතයි.

තරුණ සිනමාකරුවන් දිරිගැන්වූ Agenda 14 සම්මාන ලැබූ ජයග්‍රාහකයන්!
ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවන්ගේ කෙටි සිනමා කෘති ඇගැයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සිනමා උලෙළ වන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළෙහි සම්මාන රාත්‍රිය දෙසැම්බර් 07 වැනිදා කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Goethe Institute) පැවැත්විණි.

'මානව හිමිකම් සිනමා උළෙල' විශේෂ වාර්තා චිත්‍රපට දැක්ම තරංගනීයේ දී
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම වෙනුවෙන්, නීතිය හා සමාජ භාරය (LST) විසින් සංවිධානය කරනු ලබන විශේෂ වාර්තා චිත්‍රපට දැක්මක් එළඹෙන 2025 දෙසැම්බර් 13 වැනි සෙනසුරාදා දින පැවැත්වේ.

