දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලා ඉන්දීය අගමැතිවරයා වෙත යොමු කළ ලිපිය මෙරට සිටින අනෙකුත් රටවල රාජත්‍රාන්ත්‍රිකයන්ට ද ලබා
දීමට උතුරු නැගෙනහිර දෙමළ පක්‍ෂ තීරණය කර තිබේ.
''ජාතික ප්‍රශ්නයට තිරසාර විසදුමක් සඳහා පෙඩරල් ව්‍යුහයක් හා ඒ තුලින් දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය තහවුරු කිරීම, 13 වැනි සංශෝධනය සම්පුරණයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු ඇතුලත් ලියවිල්ල ඇමෙරිකානු හා බටහිර රටවල තානාපතිවරුන්ට, මහ කොමසාරිස්වරුන්ට ලබා ඉදිරි සතියේදී ලබා දෙනවා,``යැයි තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ [TELO] මාධ්‍ය ප්‍රකාශක සුරේන්ද්‍රන් ගුරුසාමි පවසයි.
ආණ්ඩු විරෝධී උතුරු නැගෙනහිර දෙමළ පක්‍ෂ හයක් විසින් අත්සන් කෙරුණු මෙම ලියවිල්ල ඉකුත් 18 වැනිදා කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ වෙත ලබා දී තිබුනේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිට යොමු කරන ලෙස ඉල්ලමිනි.
උතුරු නැගෙනහිර දෙමළ ජනයා නියෝජනය කරන තමිල් ඊළාම් විමුක්ති සංවිධානය[TELO], තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානය [PLOTE] ඉලංගෙයි තමිල් අරසු කච්චි[ITAK], දෙමළ ජනතා ජාතික සන්ධානය[TPNA], ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ[EPRLF] සහ දෙමළ ජාතික පක්‍ෂය[TNP] මෙම පොදු ලියවිල්ල සඳහා අත්සන් තබා තිබේ.
ඉන්දීය ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ලංකාවේ දෙමළ ජනයා මුහුණ දෙන ගැටළු පිළිබඳව දෙමළ බස කතා කරන සියලු පාර්ශවයන් එක්ව පොදු ලියවිල්ලක් සකස් කිරීම සඳහා උතුරු නැගෙහිර දෙමළ, කඳුකර දෙමළ හා මුස්ලිම් පක්‍ෂ එක්ව සාකච්ජා වට කිහිපයක් පැවැත්විණි.
පෙඩරල් යෝජනා, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං නිර්ණ අයිතිය වැනි කරුණු හේතුවෙන් කඳුකර දෙමළ ජනයා නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික සංගමය, සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ හා මුස්ලිම් ජනයා නියෝජනය කරන ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා ජනතා කොංග්‍රසය යන ආණ්ඩු විරෝධී පක්‍ෂ මෙම පොදු ලියවිල්ලට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කෙරිණි.
එහෙත් ඔවුන් පවසා සිටියේ පොදු ලියවිල්ලට අත්සන් නොකළ ද මෙරට දෙමළ බස කතා කරන ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ අරගලය අත් නොහැර ඉදිරියටත් ඊට සහයෝගය දක්වන බවය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පුරන ලෙස ක්‍රියාත්මක කිරීමට බල කරමින්, ඒ හරහා දෙමළ ජනයා මට්ටු කිරීමට ගන්නා ප්‍රයත්නයක් ලෙස මෙම පොදු ලියවිල්ල හෙලා දකින දෙමළ ජාතික ජනතා පෙරමුණ එම උත්සාහය පරාජය කළ යුතු බව ප්‍රකාශ කොට තිබේ.

වැඩේ අල කරගත් දකුණු කොරියානු කතානායක තිබුන යානයකින් පැනයයි ! | මොණරවිලගේ ලියමන
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!