අයුක්තිය, අසාධාරණය හා අපරාධ හමුවේ සමාජයේ බහුතරය නිහඬ නරඹන්නන් වීම අප වටහාගත යුත්තේ කෙසේ ද?



තමන්ගේත්, අන්‍යයන්ගේත් අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සක්‍රීය පුරවැසි සමාජයක් ගොඩනඟා ගැනීමට අප අසමත් වී ඇත්තේ ඇයි?

මෙම තේමාව පදනම් කර ගනිමින් පැවැත්වෙන සංවාදශීලී කතිකාවතක්, ජනවාරි 28 වැනි සිකුරාදා ප.ව. 7.00ට සූම් ඔස්සේ පැවැත්වේ.

‘නොදැක්කා සේ සිටීම- ලෙඩක් ද හැටි ද?‘  යනුවෙන් නම් කර ඇති මෙම සංවාදයේ සම්පත්දායකයින් ලෙස මනෝවෛද්‍ය නිහාල් රංජන් සහ මාධ්‍යවේදිනී ජයනි අබේසේකර අදහස් දක්වති.

Bystander Behaviour යනුවෙන් මනෝවිද්‍යාවේදී හඳුනාගැනෙන විෂය ක්ෂේත්‍රය හා මෙම ගැටලුව අතර ඇති සම්බන්ධය හා සමාජයීය වශයෙන් එම ගැටලුව ජයගන්නේ කෙසේද යන්න කෙරෙහි මෙහි දී අවධානය යොමු කෙරේ.

 ‘ශ්‍රී ලංකා බැරෝමීටර්’ සංවිධානය කරන මෙම සංවාදය මෙහෙයවන්නේ ජනමාධ්‍යවේදී ජයසිරි ජයසේකර යි.

මෙම විෂයය පිළිබඳව රමිලා ඌසුෆ්- තව්ෆීක්, සුමේදා ජයකොඩි සහ ඉවාන් ඒකනායක විසින් සම්පාදනය කරන ලද Bystander Behaviour and Non-intervention: Explanations and Possibilities නැමති නිබන්ධය සහ ‘ශ්‍රී ලංකා බැරෝමීටර්’ විසින් සිදු කෙරුණු සමීක්ෂණයක දත්ත මෙම සංවාදයට පසුබිම් වෙයි.

 (එම නිබන්ධයේ සිංහල පරිවර්තනයක් ‘ද ලීඩර්‘ හි පළ කිරීමට නියමිතය.)



When: Jan 28, 2022 07:00 PM Colombo


Topic: 
නොදැක්කා සේ සිටීම: ලෙඩක් ද? හැටි ද? / 
காணாததுபோல் இருப்பது:  வருத்தமா?  இயல்பா?


Please click the link below to join the webinar:

https://us02web.zoom.us/j/82438147492

Webinar ID: 824 3814 7492
 
.


Leader Whats app


 
 
 
 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්