leader s

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පසුගියදා කොවිඩ් තොර වීමේ (Exit Strategy) මාර්ගෝපදේශය නිකුත් කර ඇත්තේ කිසිදු විද්‍යානූකූල පදනමකින් තොරව බව සුව සේවයේ ප්‍රමුඛතම වෘත්තීය සමිති නායකයකු පවසයි.


ජනවාරි 27 වැනිදා නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව කොවිඩ් ආසාදිතය වූ පුද්ගලයෙකු සමාජයට මුදා හැරීම සදහා මෙතෙක් නිර්දේශව තිබූ දින 10ක කාල පරිච්ඡේදය දින 7 දක්වා අඩු කර ඇති බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.

මේ හේතුවෙන් රෝගය සම්ප්‍රේෂණ කල හැකි ආසාදිතයන් සමාජයට යොමු කිරීමක් සිදුවන බැවින්, එය වසංගතය පාලනය කිරීමට එරෙහි බරපතල බාධාවක් විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙයි.

"මෙම මාර්ගෝපදේශය හේතුවෙන් ආසාදිතය සෞඛ්‍ය කාර්‍යමණ්ඩල දින 7කදී සේවයට වාර්තා  කිරීම අනිවාර්ය වී ඇති අතර, එමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර බරපතල ලෙස රෝග සම්ප්‍රේෂණය වීම, ඉදිරියේදී සේවාවන් පවත්වා ගැනීමට මෙන්ම සෞඛ්‍ය සේවාවේ "දැරිය හැකි ධාරිතාවේ මට්ටම" විශාල ලෙස පහල යාමටද හේතු විය හැකිය."

මෙවැනි තීරණයක් විද්‍යාත්මක භාවිතාවක් යටතේ අධ්‍යනය කිරීමට අවශ්‍ය වන්නේ නම්, එය දින භාගයකින් කල හැකිව තිබියදී, මහජන පොලක බඩුමිල එහා මෙහා කරන අන්දමට, කොවිඩ් මාර්ගෝපදේශවල දින ගණන් එහා මෙහා කිරීම පිළිගත නොහැකි තත්වයක් බව වෘත්තියවේදියා අවධාරණය කරයි.

මෙම දින ගණන වඩා විද්‍යානුකූල ලෙස තීරණය කිරීමට අවශ්‍ය වන්නේ නම්, දින දහය සහ දින හත සම්පූර්ණ කල අසාදිත නියැදි දෙකක් පරීක්ෂාකර, වාර්තා  කිරීමේ අවසරය ලබා දෙන ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

 

Exit Strategy for COVID 19 Patients and Contacts 220127 130708

Exit12 and Contacts 2

Leader Whats app

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්