leader s

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යොදා ගනිමින් වසර ගණනාවක් සිරකොට තබාගෙන සිටින ඒල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කළ යුතු බව 'එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ' සභාපති

හිමියෝ පවසති.

 කොළඹදී පෙබරවාරි 2 වැනි බදාදා මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු ලෙසින් බොදු බලසේනානායක ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ  ඒ බව සදහන් කළේ, ලංකාවේ අපකීර්තිමත් මානව හිමිකම් වාර්තාව ජිනීවා සමුළුවේ දී එළි දක්වන්නට මත්තෙන් ත්‍රස්ත පනත යටතේ සිරගත කොට සිටින පිරිසක් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබියදීය.

තමන් සිරගතව සිටි  සමයේ ඒල්.ටී.ටී.ඊ සැකකරුවන් ඔවුන්ගේ ජීවිත කතාව පැවසු බව සිහිපත් කරන ඥාණසාර හිමියන් මාධ්‍යවේදීන් සමග සදහන් කලේ, ඔවුන්ට නිදහස ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම තමන් වත්මන් ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා ඇති බවයි.

 " විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයාගෙනුත් අපි ඉල්ලීමක් කළා. දැන් යුද්ධය ඉවරයි. ආපසු මේ තුවාලේ පාර පාර ඉන්න දෙයක් නැහැ. මේ එල්.ටී.ටී.ඊ සිරකරුවන්ට අනිවාර්යයෙන්ම  නිදහස දීම වැදගත් කියලා."

 බටහිරත්, යුරෝපයේත් ද්‍රවිඩ බෙදුම්වාදී බලවේග රටට එරෙහිව සංවිධානගත වීමට හා බල මුළු ගැන්වීමට එක් හේතුවක් කරගෙන ඇත්තේ ඒම සැකකරුවන් රදවාගෙන සිටීම බවත් සභාපති හිමියෝ  එහිදී සදහන්  කළහ.

 'එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය' ලෙස උතුරු පළාතේ සංචාරය කළ මොහොතේ සිරගතව සිටින සැකකරුවන්ගේ මව්වරුන් මුණ ගැසුන බව සිහිපත් කරන ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ, ඔවුන් සියළුදෙනාගේම ඉල්ලීම වුයේ ඔවුගේ නිදහස බවයි.

 ජාතික නිදහස් දිනය යෙදී තිබෙන පෙබරවාරි 4 වැනි දින එම සැකකරුවන් කිහිපදෙනෙකුට හෝ නිදහස ලැබෙනු ඇතැයි ඥාණසාර හිමියෝ එහිදි විශ්වාසය පළ කලහ.


ලංකාවේ අපකීර්තිමත් මානව හිමිකම් වාර්තාව ජිනීවා සමුළුවේ දී එළි දක්වන්නට මත්තෙන් ත්‍රස්ත පනත යටතේ සිරගත කොට සිටින පිරිසක් නිදහස් කිරීමට ආණ්ඩුවේ ඇති සුදානම සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි පසුගියදා යාපනයේදී හෙලි කර තිබුනි.



''ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින 27 දෙනෙකු ඉක්මනින්ම නිදහස් කරනවා. ඒ ගැන ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කළා. PTA ක්‍රියාවට නැගුවට පස්සේ සිරගත කර සිටින අයට ඇප ලබා දීම හෝ නිදහස් කිරීම සිදු වෙන්නේ පළමු වතාවට,'' යැයි අධිකරණ ඇමැති සබ්රි පවසා තිබුනි.

යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වල ප්‍රමුඛ ඉල්ලීමක් වී ඇත්තේ ත්‍රස්ත පනත සංශෝධනයට ලක් කිරීමයි.

 ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ වගකිවයුත්තන් ජාත්‍යන්තරයට පොරොන්දු දී ඇත්තේ එම පනත සංශෝධනය කරන බවටයි. මේ වනවිට ත්‍රස්ත පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් ගැසට්ගත කොට තිබේ.

 මේ අතර ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කලක් රදවාගෙන සිටි සිව් දෙනෙකු ඇප මත නිදහස් කිරීමට එරාවුර් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ඊයේ දිනයේ නියෝග කර ඇති අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා ගෙන සිටි  සැකකරුවන් 9 දෙනෙකු  ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එදිනම  නියෝග කර තිබේ.

 

Leader Whats app

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්