leader s

සංශෝධනය කරන බවට ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස ඉල්ලා

පාර්ලිමේන්තුවේ වැඩිම නියෝජනයක් සහිත දෙමළ දේශපාලන පක්‍ෂය මහජන පෙත්සමක් අත්සන් කිරීමට ආරම්භ කර තිබේ.

 ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ සංවිධානය කරන මෙම මහජන පෙත්සමට අත්සන් තැබීම ඊයේ [03] දා මුලතිව් මාධ්‍ය සමාජයේදී ආරම්භ කරන ලදී.

''ත්‍රස්ත පනත භයංකර පනතක් ලෙස හඳුන්වන්න පුළුවන්. හය මාසයකට පමණක් තාවකාලිකව ගේනවා කිව්වත් දැන් අවුරුදු හතළිස් දෙකක් තිස්සේ මේක බලාත්මකයි. ජාත්‍යන්තර නීති, සම්මුති ඉවත දාලා විශේෂයෙන් දෙමළ තරුණයන්ව මට්ටු කරලා පාලනය කරන්න තමයි මේ තාක් යොද ගත්තේ,'' යැයි දෙමළ ජාතික සන්ධනයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මුලතිව් මාධ්‍ය සමාජයේදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

 ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීමේ මහජන පෙත්සම අත්සන් කිරීමේ ආරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්කියන්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී.රවීකරන්, තමිල් අරසු කච්චි තරුණ පෙරමුණේ සභාපති කේ.සේයෝර් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාධරයන් රැසක් එක්වූ බව වන්නියේ මාධ්‍යවේදියෝ සඳහන් කරති.

 ''`මේ ත්‍රස්ත පනත අහෝසි කරනවා කියා ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වෙලා තියෙනවා. එහෙත් අහෝසි කරන්න කිසිම පියවරක් නොගෙන සංශෝධනය කළා කියා වැඩකට නැති සංශෝධන කිහිපයක් ගැසට් කර තියෙනවා. ඒකෙන් පවතින ත්‍රස්ත පනතේ කිසිම වෙනසක් නැහැ,'' යැයි ද TNA මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙයි.

 යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය මුලා කිරීමට ආණ්ඩුව මෙවැනි ඇස්බැන්දුම් කර ඇතැයි පවසන සුමන්තිරන් කියා සිටියේ, රාජපක්‍ෂ ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවය.

 

 
Leader Whats app
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්