මහින්ද රාජපක්ෂ යනු තමන්ටම කියා කිසිඳු මතයක් නොමැති පුද්ගලයකු බව 'සමබිම පක්ෂයේ' නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.


ඔහු එබව කියා සිටියේ, බේකරිය අවකාශය විසින් සංවිධානය කරන ''ගැබක හිස්කමක අවකාශය'' වැඩසටහන් මාලාවේ පළමු දිනයේ (04)  ආරාධිත දේශකයකු ලෙස සහභාගී වෙමිනි.


ඔහු එහිදී මෙසේ සඳහන් කළේය.

''මහින්ද රාජපක්ෂ ගැන තියෙන විහිලු කතාවක් තමයි කාමරයට ගියාම එයා හත් දෙනක් එතන කතා කර කර ඉන්නවා නම් වාඩිවෙනවා එතන. කවදාවත් මහින්ද රාජපක්ෂ තමන්ගේ මතයක් කියන්නෙ නෑ. හත් දෙනාගේ කතා ව අහගෙන ඉන්නවා. ඊට පස්සේ කෙනෙක් හිතනවා මහින්ද රාජපක්ෂ තමන්ගේ මතයක් ප්‍රකාශ කරයි කියලා. ඒත් කියන්නෙ නෑ. ඒ හත් දෙනා මරා ගන්නකන් බලා ඉන්නවා. මරාගෙන ඉවරවුනාම බලනවා කොයි ට්‍රෙන්ඩ් එකද දිනන්නෙ  කියලා ඒ කාමරේ. අන්න ඒ පැත්ත තමයි මහින්ද රාජපක්ෂ.

මේක තමයි මැකීඇවීලිත් කියන්නේ. මහින්ද රාජපක්ෂ පොත් බලලා නෙවෙයි එයා භාවිතාවෙන් ඉගෙන ගත්තේ. අනුර කුමාර තාම දන්නෙ නෑ ඕක. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ විදිය. ඡන්දෙකදි ඔය කරුණ වැදගත් කියලයි මන් කියන්නෙ.

ඔබ ආගමික විය යුතු නැත. ජනතාව ආගමික නම් ඔබ ආගමික ලෙස හැසිරිය යුතුය. මම කියන්නේ අනුර කුමාර ගැන විතරක් නෙවෙයි සජිත් ප්‍රේමදාසටත්  කියන්න තියෙන්නෙත් ඒකම තමයි.

 අපිට මේවා මිනිස්සුත් එක්ක කතා කිරීමෙන් පමණයි අපිට අනාගත දේශපාලනය වෙනස් කරන්න පුලුවන් වෙන්නේ.''



බේකරියේ' ගැබක හිස්කමක අවකාශය:



' ගැබක හිස්කමක අවකාශය'' - විස්ථාපන කලා ප්‍රදර්ශනය සහ බේකරිය කලා අවකාශය වැඩසටහන පෙබරවාරි 04 වැනිදා සවස 6.00ට ආරම්භ වූ අතර පෙබරවාරි මාසය පුරාවට චිත්‍ර ප්‍රදර්ශයනයක් හා විවිධාකාරයේ සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

එම මාසය පුරාම සිකුරාදා දිනයන්වල සංගීත වැඩසටහන් පැවැත්වේ. එහි HAPPY JOURNEY සංගීත කණ්ඩායම වාදනය කෙරේ.  සෙනසුරාදා දිනයන්වල වේදිකා නාට්‍ය සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර ඒවා විචාරය ලක් කිරීමට ද නියමිතය.

මේ වැඩසටහන මහල්වරාව බේකරිය අවකාශයේ පෙබරවාරි මාසය පුරා පැවැත්වීමට නියමිත අතර මීට සහභාගී වන ලෙස 'බේකරිය කට්ටිය' විවෘත ආරාධනාවක් කර ඇත.



 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්