ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට “මාරාන්තික දෝෂ” සහිත බැවින් අවලංගු කළ යුතු බවට ජාත්‍යන්තර

හඬ නැගෙමින් පවතී.

 නව යෝජිත ප්‍රතිසංස්කරණ නීති මාලාව තුළ ඉතාමත් ඛේදජනක, ප්‍රමාණවත් නොවන, බරපතල නීති ඇතුළත් වන බැවින් ශ්‍රී ලංකා රජය මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ කුරිරු පනත අහෝසි කළ යුතු යැයි ජාත්‍යන්තර නීති වේදීන්ගේ කොමිසම (ICJ) ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත නීති යොදාගෙන සිරගත කරන ලද ජනකායක් හිතුමතේ දින නියමයක් නොමැතිව වධ බන්ධනයට ගොදුරු වන බවට එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් නගා ඇති චෝදනා ICJ සංවිධානයද නැවත තහවුරු ක‍රයි.

 එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකමි වාර්තාව 2022 මාර්තු 03 වෙනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබියදී 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත සඳහා යෝජිත සංශෝධන  2022.01.27 වැනි දින ගැසට් ගත කොට තිබේ.

 

මාරාන්තික දෝෂ ඇතුළත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මෙවැනි වංක ප්‍රතිසංස්කරණ වැයම් මඟින් යථා තත්වයට පත් කල නොහැකි අතර එය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බව යැයි ජාත්‍යන්තර නීති වේදීන්ගේ කොමිසම (ICJ) බලකර සිටී.

 

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නැවත වතාවක් වලිකන්නේ ස්වකීය ගරාවැටෙන මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් තවත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයකට කලින් අවම දෙයක් කරන බව පෙන්නන්නට,” යයි ICJ නීති හා ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සෙයිඩර්මාන් පවසයි.

 ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනතෙහි විධි විධාන පරිදි ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත ඕනෑම පුද්ගලයෙකුගේ, පුද්ගල සමූහයක, සංගමයක, සංවිධානයක, හෝ පුද්ගල මණ්ඩලයක නිදහස අත්තනෝමතික හා අවිනිශ්චිත පරිදි අහිමි කරන බව ICJ පෙන්වා දේ. එයට හේතුව මෙම පනත යටතේ පුළුල් පරාසයක පවතින ක්‍රියාකාරකම් නීති විරෝධී ලෙස සැලකීමයි.

 

යෝජිත සංශෝධනවල දෙවැනි වගන්තිය රඳවා තබා ගැනීමේ කාලය මාස 18 සිට 12 දක්වා අඩු කර⁣ මෙම ඌනතා පියවා ගැනීමට වෙර දරයි. 10වෙනි වගන්තිය මඟින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හෝ මාස 12 ක් රඳවාගෙන සිටින පුද්ගලයෙකුට ඇප ඉල්ලා සිටීමට අයිතියක් ඇත.

 

“මෙම සංශෝධන කිසිම ආකාරයකින් මූලික උල්ලංඝනය පිළිබඳ සාකච්ඡා නොකරයි. එයට හේතුව අධිකරණය ඉදිරියේ විභාග කිරීමට අවස්ථාව ලබා නොදී වසරක් මුළුල්ලේම පුද්ගලයින්ගේ නිදහස අහිමි කිරීමයි. තව දුරටත් 10වෙනි වගන්තියේ 20 වැනි උප වගන්තිය මඟින් නඩු විභාගය නිම වන තුරු සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට මහාධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට ද බලාත්මක බලධාරීන්ට හැකියාව ඇත,” යි ජාත්‍යන්තර නීති වේදීන්ගේ කොමිසම තර්ක කරයි.

 ශ්‍රී ලංකාවද පාර්ශව කරුවෙකු වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් (ICCPR) 09 වෙනි වගන්තියෙහි සඳහන් පරිදි නිදහස අහිමි වූ ඕනෑම පුද්ගලයෙකු සඳහා ක්‍රියා පටිපාටි සහතික ගණනාවක් සපයන අතර ඒවායින් බොහොමයක් මෙම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ හෝ සංශෝධිත වල දක්නට නොලැබෙන බව ICJ පෙන්වා දෙයි.


 “නිදසුනක් ලෙස කුමන හෝ හේතුවක් මත රඳවාගත් ඕනෑම පුද්ගලයෙකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු අතර එහි අරමුණ වන්නේ රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය තීරණය කිරීමයි. අධිකරණ අධීක්ෂණයට යටත් නොවෙන දීර්ඝ නඩු විභාගයකට ප්‍රථම මෙසේ රඳවා තබා ගැනීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිමය බැඳීම් පැහැදිළිවම කඩ කිරීමකි.”


ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වැනි විශේෂ රෙගුලාසි මුළුමනින්ම ඉවතලා නීතියේ ආධිපත්‍යයට අවනත අපරාධ විධිවිධාන යොදාගෙන ත්‍රස්තවාදයට පිළිතුරු දිය යුතු බව යයි ICJ නීති හා ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සෙයිඩර්මාන් අවධාරණය කරයි.

 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්