මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට වාර්තා

පළවේ.

කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතියකින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර විවෘත ලංසු කැඳවීමක් සිදු කර ඇති අතර එහිදී චීන සමාගමක් සහ ශ්‍රී ලාංකික සමාගමක් ඊට ඉදිරිපත් වී තිබේ.

චීන සමාගමේ ලංසුව වී ඇත්තේ රුපියල් බිලියන 210 කි.  ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 120 ක් ඍජුව මෙරට බැංකුවකට ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේම ලබාදීමට චීන සමාගම කැමැත්ත පළ කර ඇත.

ශ්‍රී ලංකා සමාගම මාර්ගය ඉදිකිරීම සදහා රුපියල් බිලියන 375 ක ලංසුවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව තිදෙනෙකුගෙන් යුත් ටෙන්ඩර් කමිටුව තීරණය කර ඇත්තේ එම මාර්ග කොටසේ ඉදිකිරීම් චීන සමාගමට ලබාදීමටයි. ඒ, මේ වනවිට ඇති ඩොලර් අර්බුදයට විසදුමක් ඇතුළු කරුණු 8 ක් ද ගෙනහැර දක්වමිනි.

කෙසේවෙතත් හදිසියේම අදාළ කමිටුවේ සිටි දෙදෙනෙකු, ඔවුන්ද නොදැනුවත්ව ඉවත් කර බාහිර පුද්ගලයින් සිව් දෙනෙකු කමිටුවට පත්කර ඇත. එම පත්කිරීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් බව වාර්තා වේ.

 

මෙවන් පසුබිමක චීන සමාගමට වඩා රුපියල් බිලියන 165 ක ලංසුවක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලාංකික සමාගමට මාර්ගයේ ඉදිකිරිම් ලබාදීමට අලුතින් පත් කළ කමිටුව තීරණය කර ඇත. ඊට අදාළ අනුමැතිය පවා ඉකුත් 3 වනදා වනවිට ලබාදී ඇති බව වාර්තා වේ.

 Doc 2022.02.08 1

සම්පුර්ණ වර්තාව මෙතනින්

කෙසේවෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට මෙතරම් මුදලක් වැය නොවනු ඇති බවට ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසති.

මාර්ගය ඉදිකිරීමට ඉංජිනේරුවන්ගේ ගාස්තු වශයෙන් පමණක් වුවද වැය වන්නේ රුපියල් බිලියන 94 ක් පමණක් බව ද සදහන් වේ.

එවන් තත්ත්වයක් තිබියදී චීන සමාගම රුපියල් බිලියන 210 ක් ද මෙරට සමාගම රුපියල් බිලියන 375 ක ලංසුවක්ද ඉදිරිපත් කර ඇති පසුබිමක ටෙන්ඩරය ලබාදීමට සූදානම් වන්නේ රුපියල් බිලියන 165 කට වඩා වැඩි මුදලකට ලංසු තබා ඇති මෙරට සමාගමටය.

මෙම සමාගම් දෙකම ලංසු ඉදිරිපත් කර ඇත්තේ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර වසර 3 කට පසු ගෙවීම් ආරම්භ කිරීමටත්, වසර 15 කින් සම්පූර්ණයෙන් ගෙවා දැමිය යුතුය යන පදනම මතයි.

ඒ අනුව මෙම ලංසුව මෙරට සමාගමට ලබාදුනහොත් වසරක් තුළ වැඩිපුර රුපියල් බිලියන 11 ක් ගෙවීමට රජයට සිදු වේ.

චීන සමාගමේ ලංසුවට අනුව කිලෝමීටරයක් සදහා වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 54 යි දශම 5 කි.  මෙරට සමාගමේ ලංසුවට අනුව කිලෝමීටරයක් සදහා වැය වන මුදල ලෙස දක්වා ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 97.5 කි.  


රටට ආදර්ශයක් වන ලෙස කටයුතු ජනාධිපති ඇමතිවරුන්ගෙන් ඉල්ලයි


පසුගිය පෙබරවාරි 04 ජාතික නිදහස් දා ජාතිය ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රටට ආදර්ශයක් වන ආකාරයට හැමවිටම කටයුතු කරන්නයි මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ''ඔබ ජනතාවට ඒ ආදර්ශය සපයනවා නම්, රටේ බහුත‍රයක් ජනතාව ඔබව අනුගමනය කරාවි..'' ජනාධිපතිවරයා අවධාරණය කළේය.


"රට හමුවේ ඇති අභියෝග ජය ගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදු වෙනවා. අප සියලු දෙනාටම ඒ සඳහා යම් කැප කිරීම් කරන්නට සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශය දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම්. දැනටමත් මා එය හැකි උපරිම මට්ටමෙන් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලූම මැති ඇමතිවරුන්, හා අනෙකුත් දේශපාලනඥයින්ගෙන්, රටට ආදර්ශයක් වන ආකාරයට හැමවිටම කටයුතු කරන්නට කියා. ඔබ ජනතාවට ඒ ආදර්ශය සපයනවා නම්, රටේ බහුත‍රයක් ජනතාව ඔබව අනුගමනය කරාවි." ජනාධිපතිවරයා පැවසිය.




පිළිතුරුදීමේ අයිතිය :


theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු.

සංස්කාරක:
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්