leader s

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට අලුත් සංශෝධන ඇතුළත් කෙරුණු සංශෝධිත පනත් කෙටුම්පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්

පීරිස් විසින් පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කරනු ලැබීය.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනෙක විවාදයට ගැනීමට නියමිතය. මෙම පනත කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍යවරයා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්, අධිකරණ අමාත්‍යවරයා වෙනම පනතක් ගෙන එන බව ප්‍රකාශ කර ඇති අවස්ථාවක සංශෝධිත පනතක් ඉදිරිපත් කළේ කුමකටදැයි ප්‍රශ්න කළේය.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ ස්ථාවර නියෝග අනුව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.

කිසිවකු හෝ මෙම පනත් කෙටුම්පතට විරුද්ධ නම් ඔවුනට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද ඔහු පැවසුවේය.

මේ අවස්ථාවේදී සුමන්දිරන් මන්ත්‍රීවරයා හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතාබහක් ඇතිවිය.

 

Leader Whats app

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්