leader s

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම හොරුන් යයි කියන යුගයක පිරිසිදු දේශපාලඥයෙකු ගැන සුවිශේෂී ආදර්ශයක් තැබීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර ට  හැකිවූ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග පවසයි.


ආණ්ඩුවේ හවුල්කාර සංවිධානයක් වන 'යුතුකම' ජාතික සංවිධානයේ සභාපතිවරයා වන ඔහු මෙසේ පැවසුවේ, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනා විවාදයේදීය. ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.


''සියලු දේශපාලඥයන්ට දූෂණ චෝදනා එල්ල වන යුගයක, 225ම හොරුන් යයි කියන යුගයක පිරිසිදු දේශපාලඥයෙකු ගැන ආදර්ශයක් තැබීම ඔහුගේ සුවිශේෂ ආදර්ශයක්.

වසර 30 ක් පුරාවට මේ රටට ව්‍යාසනයක් වූ ත්‍රස්තවාදය පරාදය කර රට සීග්‍ර සංවර්ධන මාවතකට යොමු කල අතිගරු මහින්ද රාජපක්ෂගේ රජය 2015 පරාජයට මූලික වූයේ හොරකම සහ දූෂණ සම්බන්ධ චෝදනා නිසා බව අප කවුරුත් දන්නා කරුණක්. ඒ චෝදනා පදනම් කරගනිමින් බලයට ආ යහපාලන රජය මූලික දින 100 ගතවීමටත් පෙර මහ බැංකුව මංකොල්ලා කෑම මොනතරම් අභාග්‍යයක්ද.

දැන් අතිගරු ජනාධිපතිතුමාගේ අප සිටින රජයටත් දූෂණ චෝදනා නැගෙමින් පවතී.

ඒ චෝදනා ඉතා බරපතල ලෙස සලකන්නේද අද අපගේ සමාජ දේහය සෑම තරාතිරකම පැතිර ඇති දූෂණයට, අල්ලසට හොරකමට විරුද්ධව කෙරෙන අරගලයකින් තොරව මේ මව්බිම ස්වාතැබිය නොහැකි බව අප හමුවේ පෙනෙන යථාර්ථය නොවේද? එහිදී මංගල සමරවීර මැතිතුමා අප අතරේ දිදුළන ආදර්ශයක් තබා ඇති බව සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

 

 

Leader Whats app

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්