'හිරු' මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සිය ජීවිත ආරක්ෂාව පතා අධිකරණය හමුවේ පෙත්සමක් පෙත්සමක් ගොනු කිරීමට තීරණයට කර තිබේ.



ඒ අනුව, ඔහු හෙට (18) දහවල් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ජනාධිපති නීතිඥ කුවේරා ද සිල්වා මාර්ගයෙන් එම පෙත්සම ගොනු කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල කේම්බ්‍රිජ් කෝර්ට් නිවාස සංකීර්ණයේ නිවසට වෑන් රථයකින් මුහුණු ආවරණය කරගෙන පැමිණි නාදුනන පිරිසක් පෙබරවාරි 14 දා අළුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබු අතර ඒ සම්බන්ධයනේ මෙතෙක් කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසිය අසමත්ව ඇත. 

 
එම තත්වය තුල තමා සහ පවුලේ සාමාජිකයින් තවදුරටත් ජීවිත අවධානමකට මුහුණදී සිටින බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ අදහස වී තිබේ. 



විමර්ශන තවදුරටත්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් සී.සී.ටී.වී. කැමරා විශ්ලේෂණය සිදුකරන බව පොලිසිය පවසයි.

ඒ අනුව විශේෂයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවස සහ අවට නිවාසවල සතියක පමණ කාලයක සී.සී.ටී.වී. දර්ශන මෙලෙස විශ්ලේෂණය කිරීම ආරම්භ කරන බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

එමෙන්ම මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සී.සී.ටී.වී. දර්ශන 86ක් පමණ පරීක්ෂාවට ලක් කර ඇත.

පළාගිය රථය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දෙහිවල සරණංකර මාවත දක්වා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්කල බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
දුරකථන අංකයක් - 0770 322 821
නිවැරදි තොරතුරකට ලක්ෂ 5ක් !

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදීමට හිරු මාධ්‍ය ජාලය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රහාරය සඳහා පැමිණි සැකකරුවන් සම්බන්ධයෙන් හෝ අදාළ මෝටර් රථය පිළිබඳව යම් තොරතුරක් ඇතොත් දුරකතන අංක 0770 322 821 ඔස්සේ හිරු CIA වෙත දැනුම්දිය හැකියි.

එලෙස තොරතුරු ලබා දෙන ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරන බවට හිරු CIA  සහතික වේ.
 

 
  

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්