1200 x 80 DMirror

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ 'පුස්' විශේෂඥවරියකගේ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් රෝගී නිදර්ශක දහසකට වැඩි ප්‍රමාණයක් ඉවත දැමීමට සිදු වී ඇති බවට සුව සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු චෝදනා

කරයි.

 සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ‌පවසන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීර පිළිබද වෛද්‍ය පරීක්ෂණ සිදුකරන අංශයේ විශේෂඥ වෛද්‍යවරිය විසින්, එම අංශයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන්ට රාජකාරී කිරීමට ඉඩ ලබා නොදෙමින්, එම රසායනාගාරයේ කටයුතු සති තුනකට අධික කාලයක් තිස්සේ කඩාකප්පල් කර ඇති බවයි.

 "රට පුරා හමුවන සියළු දිලිර ආසාදිත රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීමට ඇති එකම රසායනාගාරය මෙය වන අතර, මෙම බාධා කිරීම හේතුවෙන් රෝගීන් දහසකගේ පමණ පරීක්ෂණ සදහා යොමු කරන ලද නිදර්ශක ඉවත් කර දැමීමට සිදුව ඇත."

 දිලීර රෝග සදහා ලබා ගන්නා ඇතැම් නිදර්ශක ඉතා අසීරුවෙන් ලබා ගන්නා ඒවා වන අතර, දිලීර රෝග ප්‍රතිකාරයක් ප්‍රමාදවීම මගින් වසර ගණනක ප්‍රතිකාර නැවත අපතේ යමින්, ප්‍රතිකාර නැවත වටයකින් ආරම්භ කිරීමට සිදුවන අතර, ඒ හේතුවෙන් රෝගීන් මරණයට පවා පත්විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය  කරයි.



වෘත්තියවේදියා පෙන්වා දෙන පරිදි මෙම අංශය තුල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන් 7 දෙනකු සේවය කරන අතර, එහි සිටි ඇතැම් නිලධාරී කුමන්ත්‍රණකාරී ලෙස ඉවත් කිරීම හේතුවෙන් ඇති වූ නිලධාරී හිගය පියවා ගැනීමට, ගුවන් තොටුපල අනුක ජීවී රාසායනාගාරයෙන් අමතර නිලධාරීන් දෙදෙනෙකු ද යොමු කිරීමට කටයුතු කර ඇත.



එම අංශයට යම් රසායනාගාර විද්‍යාඥ හිගයක් පැවතියද, දැනට පවතින පරීක්ෂණ ප්‍රමාණය සිදු කිරීමේ වගකීම එම නිලධාරීන් විසින් නොපිරිහෙලා ඉටු කරමින් තිබියදී, විශේෂඥ වෛද්‍යවරියගේ බාධා කිරීම හේතුවෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇයගේ නොමනා හැසිරීම පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සති තුනක කාලයක් තිස්සේ මෙම අංශයේ පරීක්ෂණ  පරීක්ෂණ කිසිවක් සිදු කල නොහැකි තත්වයට පත්ව ඇති බව රවී කුමුදේශ් වැඩි දුරටත් සදහන් කරයි.

 ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වගකිවයුතු බලධාරීන්ගෙන් අවස්ථාව ඉල්ලා සිටියද මේතාක් එයට ඉඩ නොලැබුන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අවධාරණය කරයි.      

''මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයාගෙන් සහ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාගෙන් අවස්ථා ගණනාවකදීම අප ඉල්ලීම් කලද, විශේෂඥ වෛද්‍ය වරියට ඇති බිය හේතුවෙන් ඔවුන් එය මගහරිමින් සිටී. ''

 වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක වරයාට එම තත්වය පාලනය කර ගැනීමට කිසිදු හැකියාවක් නොමැති අතර,  විශේෂඥ වෛද්‍යවරියේගේ අවුල් සහගත මනෝභාවයට අනූව සමස්ත සේවාව යටපත් කර, රෝගීන්ගේ අවශ්‍යතාවයන් වගකීම් විරහිතව නොසලකා හැර ඇති බවටත් රවී කුමුදේශ් චෝදනා කරයි.




මෙම තත්වය හේතුවෙන් කොවිඩ් රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව සදහා ඉතා වැදගත් පරීක්ෂණයක් වන 'ග්ලැක්ටෝමෙනම්' පරීක්ෂණය සදහා යොමු කළ නිදර්ශක 300කට අධික ප්‍රමාණයක් සදහා වාර්තා  ලබා දීමට නොහැකි වී ඇති අතර  රෝගීන්ට ඉතා වේදනා සහිතව ඇසෙන්,  පිට කොන්ද, දනහිස, අභ්‍යන්‍තර අවයව විද, ශල්‍යකර්ම මගින් එකතු කර ගන්නා නිදර්ශක සියයක් පමණ ප්‍රමාණයක්ද අපතේ යන තත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.



සෞඛ්‍ය සේවාවේ වැඩවර්ජන කාල තුලදී පවා එම පරීක්ෂාවන්ට බාධා ඇති නොවන සේ ස්වේච්ඡා සේවාවන් සපයමින් රෝගීන් ආරක්ෂා කර ඇති තත්වයක් යටතේ, එක් විශේෂඥ වෛද්‍ය වරියක්ගේ මානසික ගැටලුවක් විසදා ගැනීමට නොහැකිව, මෙලෙස රෝගීන් අනාරක්ෂාවට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයේ  දුර්වලතාවයට කදිම නිදසුනක් බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ.

 එම අංශයේ සේවය කරණු ලබන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන්ට සිය රාජකාරි කිරීමට විශේෂඥ වෛද්‍යවරිය විසින් සිදු කරනු ලබන බාධාවන් ඉවත් කරන්නේනම්, ඇයගේ සහයෝගය ඇතුව හෝ නොමැතිව මෙම පරීක්ෂණ සිදු කිරීමේ වගකීම භාර ගත හැකිව තිබියදී, කිනම් අවිචාරවත් හැසිරීමකදි වුවද, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ''තම වර්ගයා හා හිතෛෂීන් ආරක්ෂා කිරීමේ පිලිවෙතක'' කටයුතු කිරීම හේතුවෙන්, මහජනතාවගේ ආරක්ෂාව සහ අවශ්‍යතාවය නොසලකා හැර ඇති බව රවී කුමුදේශ් සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

 ඔහු පෙන්වා දෙන පරිදි  ඉවත් දැමීමට සිදුව ඇති නිදර්ශක සහ පරීක්ෂණ වර්ග පහතින්,


️ CSF sample 20

️ Bone marrow aspirtion 18

️ Eye  fulids  04

️ Pleural fluids 08

️ BAL (broncho alvelar larvae)-23

️ Blood sample for Galactomannan - 300

️ Nail scraping  30

️ Culture plates 25

 
 

Leader Whats app

 

  

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය