මතුවී ඇති බරපතල තත්වය මත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම කිරීමේදී සීමා පැනවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.


නව ඉන්ධන තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බවත් මෙවන් අවස්ථාවක සැමදෙනාටම ඉන්ධන ලබාදිය යුතු නිසා ඉන්ධන සීමා කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

පවතින විදේශ විනිමය අර්බුදය නිසා විදේශ විනිමය වැය කිරීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දීමට ද ආණ්ඩුව තීරණය කළ යුතු බව ඇමතිවරයා කියා සිටියේය.



මේ අතර තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් 'දිවයින' පුවත්පත සඳහන් කර ඇත්තේ, ඊයේ දිනයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබූ ඩීසල් නෞකාව නොවැලැක්විය හැකි හේතුවක් මත අවලංගු කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින වල ඉන්ධන අර්බුදය තවත් දරුණු වනු ඇති බවත් නැවතත් ඉන්දන නෞකා මෙරටට පැමිණි පසු පැමිණ ඒවා බෙදා හරින තෙක් ඩීසල් හිගය තවදුරටත් පවතිනු ඇති බවත් එකී නිලධාරියා සඳහන් කර ඇත.

GOV 20222 1
 දැනටමත් රටපුරා ඉන්ධන පිරවුම්හල් ගණනාවකම අත්‍යවශ්‍ය සේවා සහ රජයේ වාහන සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ ක්‍රමයක් අනුගමනය කරනු ලබයි. ඒ සඳහා වන දැන්වීම් ද ඉන්ධන පිරවුම්හල වල ප්‍රදර්ශණය කර ඇත.


ඩීසල් තොග ඇත්තේ තව දින 5කට පමණයි




මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ පුවත්පතට පවසා ඇත්තේ, මෙරටට අවශ්‍ය ඩීසල් තොග ඇත්තේ තව දින 5කට පමණක් බවයි. ඒ අනුව ඊයේ වනවිට ඩීසල් තොග සංචිත මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න ප්‍රමාණයක් තෙල් සංස්ථා ගබඩාවල තිබූ බවද එම ප්‍රකාශකයා අනාවරණය කර තිබේ.

පවතින අධික ඩීසල් ඉල්ලුම අනුව මෙම ඩීසල් තොගය ඉදිරි දින කිහිපයේදී වුවද කළමනාකරණය කරගැනීම දුෂ්කර කාර්යක් බව එම ප්‍රකාශකයා පවසයි.

මේ දිනවල දෛනික ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 10,000කට ආසන්න බවත් ඩීසල් තොග කළමනාකරණය කරගැනීමේ අරමුණින් මෙම ඩීසල් තොග කළමනාකරණය කරගනිමින් ඉන්ධන හල් වෙත බෙදාහරින බවද එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

 රට තුළ දැනට උද්ගත වී ඇති ඩීසල් හිඟය හේතුවෙන් මගී බස් රථ ඇතුළු ඩීසල් වාහන පදවන රියැදුරන් රැසක් දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවද වාර්තා වේ.


මෙම ඩීසල් අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවය අකර්මණ්‍ය වෙමින් පවතින අතර විදුලිබල ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුදයද තවදුරටත් ඔඩුදුවන බවට විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු අඟවති.


මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ පුවත්පත කළ විමසුමකදී බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි සඳහන් කර ඇත්තේ, හෙට (02දා) සහ ලබන 04 වැනිදා සිංගප්පූරු සමාගමකට අයත් මෙට්‍රික් ටොන් 37,300 බැගින් වූ ඩීසල් තොග රැගත් නෞකා දෙකක් වරායට සේන්දු වීමට නියමිතව ඇති බවයි.

එසේම මෙරටට පැමිණි පෙට්රල් මෙට්‍රික් ටොන් 35,300ක් රැගත් නෞකාවකින් තෙල් තොග ගොඩබෑම ඊයේ (28දා) ආරම්භ කළ බවත් ඔහු පවසයි.

කෙසේ නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් බොහෝමයක මේ වනවිට ඩීසල් නොමැති බවට වාර්තා පළවන අතර ඇතැම් ඉන්ධනහල්වල පෙට්රල් හිඟයක්ද පවතී.

මේ නිසා අද දිනයේදීද ඉන්ධන හල් රැසක් වසා තිබූ අතර ඉන්ධන තිබූ ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.

මෙම ඉන්ධන හිඟය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධාකාරයේ අදහස් පලවී ඇති අතර අද සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පහත වීඩියෝව වයිරල් වෙමින් තිබේ.

 

  

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්