leader s

රට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ

එක්විය යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එසේ සියලු පක්ෂ එක්වී ඉදිරි වසර 20 ක් 25 ක් වෙනුවෙන් වූ පොදු ජාතික වැඩපිළිවෙලක් සම්මත කර ගනිමින්, ඉන් අනතුරුව මහ මැතිවරණයකට යායුතු බව ඔහු කියා සිටියි.

 හිටපු අගමැතිවරයා එම කාරනා සඳහන් කර ඇත්තේ, ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් එජාප තරුණ ක්‍රියාකාරීන් පිරිසක් විමසු අවස්ථාවේදීය.

එවැනි ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක් ලැබුනහොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි එම තරුණ හමුවට පැමිණ සිටි තරුණියක් විමසා සිටි අවස්ථාවේදී හිටපු අගමැතිවරයා පවසා ඇත්තේ, රට මුහුණදී සිටින බරපතල අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා එක්වී පොදු විසඳුමකට පැමිණිය යුතු බවයි.

''දැන් විපක්ෂය බෙදිලා, ආණ්ඩුව බෙදිලා, මේ විදියට තව මාස කීපයක් ගියොත් රට මුලුවනින්ම අරාජික වෙනවා. මේ ඡන්ද තිය තිය ඉන්න වෙලාවක් නෙමෙයි. ආර්ථික අර්බුදය එච්චරටම දරුණුයි. ඒ අර්බුදය විසඳා ගත්තාට පස්සෙ ජන්දයකට යන්න පුලුවන් ..'' හිටපු අගමැතිවරයා එසේ පැවසු බව එම තරුණ හමුවට සහභාගී වූ තරුණියක් පැවසුවාය.

මේ අතර ජාතික ආණ්ඩු කතාබහ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද අද පාර්ලිමේන්තුවේදී හිටපු ඇමතිවරයා ගෙන් විමසා ඇත.

'' ඔබතුමා අගමැතිවෙලා ආණ්ඩුවට එකතුවෙන්න යනවා කියල කතාවක් යනවා එක ඇත්ත ද? '' එම මන්ත්‍රීවරුන් කළ විමසීමට වහා ප්‍රතිචාර දක්වා ඇති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, '' මම අගමැති වුණාම ඔයාලටත් ඇමතිකම් දෙන්නම් කෝ..'' යයි සිනාසෙමින් පවසා තිබේ.

 


 බැසිල් බාප්පා කරපු වැඩේ කැතයි! නාමල් ගේම ඉල්ලන්න යයි!! | අද ගොසිප් එක | The Leader TV

 

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්