ඉන්දියාව ප්‍රාන්ත මැතිවරණ පහක් පවත්වා එහි ප්‍රතිඵල 10 වෙනිදා ප්‍රකාශයට පත් කර තිබේ.  


උත්තර ප්‍රදේශ්, පන්ජාබ්, මනිපූර්, ගෝව සහ උත්තරකාන්ත් ප්‍රාන්ත සඳහා මෙම මැතිවරණ පැවැත්විණි.

මෙම මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය තමන්ට බලය හිමිව තිබූ උත්තර් ප්‍රදේශ්, උත්තර් කාන්ත්,  මනිපූර් සහ ගෝව ප්‍රාන්ත වල බලය රැක ගැනීමට සමත් වුවත් 2017 මැතිවරණයේදී ලබාගත් බහුතරය අවම වී තිබේ.

උත්තර් ප්‍රදේශ් හිදී ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව පසුගිය මැතිවරණයට වඩා  58 ක අඩුවීමකි.

එම ප්‍රාන්තයේ සමාජවාදී පක්ෂය ආසන 134 ක් ලබා ගනිමින් ගියවර ට වඩා ආසන 82 ලබාගෙන ඇත. නරේන්ද්‍ර මෝඩි සහ අමිත් ශා ගේ නායකත්වය සහ ජාතිකවාදී මතය භාරතය තුළ ප්‍රබල බව මෙම මැතිවරණ ප්‍රතිඵලය පෙන්නුම් කරයි.

පන්ජාබ් ප්‍රාන්තය තුළ දී ආසන 92 ක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට අරවින්ද කෙජ්රිවාල් ගේ නායකත්වයෙන් යුතු අමි ආදම්  පක්ෂය සමත් විය.

 ඉන්දීය කොංග්‍රසයට බලය හිමිව තිබූ  මෙම ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමට අමි ආදම් පක්ෂයේ දුෂණ විරෝධී ප්‍රතිපත්ති මෙන්ම මෑතදී පන්ජාබයේ ඇති වූ  ගොවි උද්ඝෝෂණ ද හේතුවිය. නව දිල්ලියෙන් එපිට තව ප්‍රාන්තයක බලය නතුකර ගැනීමට හැකිවීම ජාතික දේශපාලනය තුළ අමි අදාමි  ක්ෂය දිනෙන් දින ප්‍රබල වන ලකුණු පහළ කරයි.



රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය අති විශාල පසුබෑමකට ලක් වී ඇත. ප්‍රියංකා ගාන්ධි ද  මෙවර මැතිවරණයේ ප්‍රබල ලෙස ප්‍රචාරක ව්‍යාපාර වල නිරතවිය. දකුණු ආසියාවේ රටවලට පොදු පවුල් දේශපාලන භූමිකාව ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව මෙම මැතිවරණ ප්‍රතිඵලය කියාපායි.  




කොංග්‍රසයෙන් තරග කළ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා හිටපු ඇමතිවරයෙකු වූ නෞජෝට් සිං සිධු ඇතුළු ප්‍රබල කොංග්‍රස් නායකයන් රාශියක් මෙම ප්‍රාන්ත මැතිවරණයේදී පරාජයට පත්වී ඇත.

දේශපාලනය වෘත්තියක් බවට පත් වී ඇති වර්තමානයේ ජය ගත හැකි පක්ෂ වෙත පක්ෂ මාරු කිරීම ඉන්දියාවේ බහුලව දැකගත හැකිය.

ගෝවා, මනිපූර් ප්‍රාන්ත වල දී ද කොංග්‍රසය පසුබෑමට ලක්ව ඇත. එම ගිලිහී ගිය ඡන්ද  අමි අදාම් පක්ෂය මම්තා බැනර්ජි ගේ නායකත්වයෙන් යුත් තිනමූර්ති කොංග්‍රස්, සමාජවාදී පක්ෂය වෙත ගිලිහී ගොස් ඇත,  

ඉන්දීය කොංග්‍රස්  පක්ෂයේ සුළු වර්ධනයක් පෙන්වන එකම ප්‍රාන්තය උත්තර් කාන්ත්  පමණි. පැවති තත්ත්වයට වඩා ආසන හයක් ලබාගැනීමට කොංග්‍රස සමත් වී තිබේ .

වසර පහකට පසු පැවැත්වෙන මැතිවරණයකදී නැවත ජය ගැනීමට හැකි වීම භාරතීය ජනතා පක්ෂයේ දක්ෂතාවයට වඩා කොංග්‍රස් පක්ෂයේ දුර්වලතාවය නිසා සිදු වූ තත්ත්වයකි. පවුල් දේශපාලනය ක්‍රමයෙන් දකුණු ආසියාවෙන් අතු ගෑ වෙමින් පවතින බව විද්‍යමාන වේ.


(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Screenshot 2022 03 11 at 9.28.20 AM





 
 

 
 
 
වැදූ ලිය සිහිකරන විදුලිය | අද ගොසිප් එක | The Leader TV


Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්