leader s


ලංකාවේ පීඩිත ජන කොටසක් වන කඳුකර දෙමළ ජනයා ගැන යුරෝපා සංගමයේ රටවල අවධානය යොමු කිරීම සඳහා පෙරමුණ ගැනීමට ප්‍රංශය එකඟතාව පල කළ බව කඳුකරයේ දේශපාලන පක්‍ෂ නායකයෙක් ප්‍රකාශ

කර තිබේ.

''කඳුකර දෙමළ ජනතාව ගැන යුරෝපා සංගමේ අනෙක් සාමාජික රටවල් ආණ්ඩු වලට කියන්න කියලා කරපු මගේ ඉල්ලීම  ප්‍රංශ තානාපතිතුමා සතුටින් බාර ගත්තා. ඒ වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයක් කරන බවයි ඔහු කිව්වේ,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ජාත්‍යන්තර කාන්තා දිනයට පසු දින කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය විසින් වතුකරයේ කාන්තාවන් කේන්ද්‍ර කර ගනිමින් පැවති උත්සවයට එක්වූ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා එහිදී කොළඹ සිටින ප්‍රංශ තානාපති එරික් ලිවර්තු සමග පැවති කතා බහකදී මෙම ඉල්ලීම කර තිබේ.

''ඉදිරි දවස්වල දී දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නියෝජිත පිරිසක් හමුවෙන්නත් ප්‍රංශ තානාපති තුමා කැමති වුණා. කඳුකර දෙමළ ජනයාගේ දේශපාලන හා සමාජ අභිලාෂයන් ඇතුලත් ලියවිල්ල සියළුම ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතයන්ට බාර දෙන්න අපි ගත්තු තීන්දුව අනුව ප්‍රංශ තානාපතිතුමාටත් මෙහිදී ලබා දෙනවා,'' යි මනෝ ගනේෂන් සඳහන් කරයි.

කඳුකරයේ දෙමළ ජනයාගේ දුක්ඛිත ජීවිතය ගැනත්, විශේෂයෙන්ම වතු කම්කරු කාන්තාවන් මුහුණ දෙන අභියෝග ගැනත් සාකච්ජා කිරීම පිලිබඳව කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයට ස්තුතිය පළ කළ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කියා සිටියේ කඳුකර දෙමළ ජනතාව පත්ව සිටින තත්වය ගැන කතා කරන විට තමන්ට ඇතිවන්නේ වේදනාවක්, තරහක් හා කලකිරීමක් බවයි.  

''කඳුකර දෙමළ ජනයාගේ දේශපාලන සහ සමාජ අභිලාෂයන් ජාත්‍යන්තරකරණය කිරීමට අපි කටයුතු කරනවා.''

 

Leader Whats app

 

 

 

 

  

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්