ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සිය රාජකාරී වාහන සහ නිල නිවාස ඇතුළු අමාත්‍යවරයා ලෙස ලබාදී තිබූ රජයේ සියල්ල ජල සම්පාදන
අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බී. වික්‍රම ට අද (14) පෙරවරුවේ භාරදුන්නේය.

අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීම සහ අමාත්‍යංශයේ රාජකාරීවලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බවත් සිය සහෝදරයෙක්ට හිමි කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීය.



විමල්ගේ මන්ත්‍රීවරයෙක් තනතුරින් ඉල්ලා අස්වෙයි

klsdk

මේ අතර විමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

’69 ලක්ෂයේ ජනවරම’ දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකුල නොවන බැවින් තමා ඉල්ලා අස්වුබව ඔහු පවසයි.

අද(14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එබව කියා සිටියේය.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද(14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යොමු කරන බව ද ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.


ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරමට පිටුපෑමට මෙන්ම එම ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ නායකයන් දෙපළක් ජනාධිපතිවරයා සිය බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර සිදුකර ඇති ක්‍රියාව කිසිසේත්ම පිළිගත නොහැකි වීම, එමගින් මතුව ඇති ජනතා ප්‍රසාදය සුළුපටු එකක් නොවීම, ගොවි ජනතාවගෙන් සහ සෙසු ජනකොටස්වලින් ආණ්ඩුවට එල්ල වී ඇති බලවත් විරෝධය යන කරුණු හේතුවෙන් තවදුරටත් ඉහත කී තනතුර දැරිය නොහැකි බව ද නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.


කාබනික පොහොර හඳුන්වාදීමේ තීන්දුව !


69 ලක්ෂයේ ජනවරම මෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ජනවරම නිර්මාණය කිරීමට ආරම්භයේ සිට විවිධ කැපකිරීම් කරන ලද දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් නොසලකා හරිමින් සාමූහික ප්‍රයත්නයකින් තොරව ඇතැම් ජාතික තලයේ තීන්දු තීරණ ගැනීම තුළින් එම පක්ෂ දේශපාලනික වශයෙන් අනාරක්ෂිත වූ බවත් සමස්ත සමාජය පුරාම එම තීන්දු තීරණ ගත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව පිළිබඳ ප්‍රසාදය වේගයෙන් අහිමි වූ බවත් ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

කාබනික පොහොර හඳුන්වාදීමේ තීන්දුව ඊට නිදසුනක් ලෙස දැක්විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

එසේම රටටත්, ජනාධිපතිවරයාටත් සතුරු බොහෝ අය ආණ්ඩුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ සිටින පරිසරයක් තුළ සැබෑ මිතුරන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම රටත් ජනතාවත් කුමන අයුරකින් දරා ගනී දැයි පැවසිය නොහැකි බව ද නිමල් පියතිස්ස කීය.

ජාතික නිදහස් පෙරමුණට මුල සිටම සතුටුවිය හැකි පරිසරයක් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ නිර්මාණය නොවූවත් තම පක්ෂය, ‘පක්ෂයට වඩා රට’ මුල් තැනට තබා දේශපාලනය කරන හෙයින් සිදුවන අසාධාරණකම් ඉවසූ බවත් මන්ත්‍රීවරයා පැවසිය.

 නිදසුනක් ලෙස අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ දී තම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර ට කිසිදු විෂයක් ගැසට් නොකළ අමාත්‍යාංශයක් ලබාදීම ඊට එක් නිදසුනක් පමණක් බව ද නිමල් පියතිස්ස වැඩිදුරටත් කීය.
 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්