වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලංකාවේ විදේශ විනිමය අර්බුදයට
පිළියම් සෙවීමට අවසානයේ රජයට සිදු ව ඇත.
'පරාජිත බිඳුණු හඬකින් ජාතික අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය තම තීරණය රටේ ජනතාවට පවසන විට රටම බිඳ වැටී, අඳුරේ ගිලී අවසන්' යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
'ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය' විධායක අධ්‍යක්ෂවරයා වන රජිත් කීර්ති තෙන්නකෝන් තවදුරටත් පවසන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ප්‍රමාදවීම ආණ්ඩුවට තරමටම, ජනතාව ද අන්ත අසරණ කර තිබෙන බවයි.
ඔහු එම කාරණා සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ලංකාවට ලැබෙන IMF කොන්දේසි මොනවාද?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර 2019 පෙබරවාරි සිට දීර්ඝ සාකච්ඡා පැවැත්වුණි. එහි දී, IMF ලංකා රජයට ඉදිරිපත් කළ මුලික කොන්දේසි ගණනාවකි.
එයින් පළමුවැන්න, ‘මුදල් නීති පනත‘ සම්මත කර ගැනීමය. 2019 මුදල් නීති පනත සම්මත කර ගැනීමට යහපාලන රජය කටයුතු කරමින් සිටින විට ආණ්ඩුව බිඳ වැටුණි. මුදල් නීති පනතේ වැදගත්ම කොටස මුදල් අමාත්‍යාංශයේ ලේකම්/භාණ්ඩාගාර ලේකම් මුල්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමය.
රටේ බඩු මිල ඉහළයාමට ප්‍රධානම හේතුව වී ඇති හිතුමතේ මුදල් අච්චු ගැසීම නැවැත්වා, රජයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙළෙඳපොළෙන් සපයා ගැනීම අනිවාර්ය කිරීම එහි අරමුණයි. රටේ මුල්‍ය විනය ඇති කිරීම, එහි දිගු කාලීන වාසිය යි.
මා විසින් මෙයට පෙර නැවත නැවතත් අනාවරණය කළ පරිදි, ශ්‍රී ලංකා රජය IMF සමඟ පස්සා දොරෙන් ගණුදෙනු ආරම්භ කළේ බැසිල් රාජපක්ෂ, මුදල් ඇමතිවරයා ලෙස පත්වූ මොහොතේදීම ය.
හිටපු මහ බැංකු ප්‍රධානියෙකු ගේ උපදෙස් පරිදි, ඉතා බලවත් තානාපති නිලධාරියෙකු මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා මෙම මැදිහත්වීම සිදු විය.
කොන්දේසි කුමක් විය හැකිද?
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අද ලංකාවට පැනවිය හැකි කොන්දේසි අතර මුලිකම වන්නේ 2019 පෙර පැවති බදු ක්‍රමය නැවත ස්ථාපනය කර ආදායම් ඉහළ නංවා ගැනීම ය.
2019 වත්මන් රජය බලයට පැමිණ සිය ව්‍යාපාරික හිතවතුන්ට ලබාදුන් බදු සහන ලංකා ආර්ථිකය බංකොලොත්වීමට මුලික හේතුවකි. එය වත්මන් රුපියල් අර්බුදයට ප්‍රධානතම හේතුවයි.
විදුලිය, ඉන්ධන සම්බන්ධයෙන් මිල සුත්‍ර හදුන්වාදීම IMF යහපාලන රජයට ඉදිරිපත් කළ ඉල්ලීමකි. එදා මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා මුල්වරට මිල සුත්‍රය හදුණ්වාදුන්නේ IMF යෝජනාවකට අනුවය. වත්මන් ඉන්ධන අර්බුදයේ කේන්ද්‍රය මිල සුත්‍රයෙන් ඉවත්ව හිතුවක්කාරී ලෙස ඉන්ධන මිල තීරණය කිරීම ය.
ණය පොලී අනුපාතික දේශපාලන අවශ්‍යතාව මත නොව, වෘත්තිකයින්ගේ උපදෙස් මත තීරණය කිරීමට මුල්‍ය විනයක් ඇති කිරීමේ IMF කොන්දේසියකි. පොලී අනුපාත ඉහළ යාම එහි අනිවාර්ය ප්‍රතිඑලය වනු ඇත්තේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සාමාන්‍ය පෙළ අසමත් 62,000 කට ද, උපාධිධාරීන් 52,000ක් ද රාජ්‍ය සේවයේ මුලික වැටුපට බඳවාගෙන ඇත. මේ අය අද කිසිදු රාජකාරියක් නොකර වැටුප් ලබමින් සිටී. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් IMF කොන්දේසිය රාජ්‍ය සේවය කුඩා කිරීම හෙවත් රැකියා කප්පාදු කිරීම ය.
කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා විදේශීය ශ්‍රමිකයින් විසින් ලංකාවට එවන ඩොලර් එකකට රු. 38 ක අතිරේක මුදලක් ගෙවීමට යෝජනා කර තිබුණි.
අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දා, ඒ පියවර සියල්ලට කලින් අවම වශයෙන් කැබිනට් මණ්ඩලය හෝ දැනුවත් කිරීමකින් තොරව රුපියල පා කර හැරීමට පියවර ගත්තේය.
මෙය මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව අතර බල අරගලයේ තීරණාත්මක සංධිස්ථානයකි.
පවාවී එන වසන්තය
අද වන විට ලංකාවේ විදේශ ණය සහ ණය වාරික අතර අනුපාතය අනුව මොනම අයුරකින් හෝ රට බලංකොලොත්වීම නොවැලැක්විය හැකිය. ඩොලර් අර්බුදය ට අමතරව, රටේ රුපියල් අර්බුදයක් මතුව ඇත. එවැනි රටකට ණය ලබාදීමට IMF ආයතනයට නීතියෙන් හැකියාවක් නැත. එබැවින්, ණය ප්‍රතිව්‍යුහකරණයකට ලංකාව යොමු කිරීමට IMF ට සිදුවේ.
ලංකාව ආයතන, රාජ්‍ය, සංවිධාන හා පුද්ගලයින් 150 කට වැඩි සංඛ්‍යාවකින් මුදල් ණයට ගෙන ඇත. මෙම ආයතන/රාජ්‍ය/සංවිධාන සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා ඇරඹීමට ලංකා රජයට සිදු වනු ඇත.
ජනාධිපතිගේ සෙන්සර් ගිහින්! | අද ගොසිප් එක
IMF එකෙන් සියයට දහය ඉල්ලලාලූ ! | මොණරවිලගේ ලියමන
බැසිල් නෙවෙයි විශ්ම කර්මයා ආවත් මුදල් හොයන්න බෑ - මහින්ද පතිරණ | Direct Politics
පෙරටුගාමීන්ට මුදල් එන්නේ කොටිගෙන්ද? අල්කයිඩාද? බැසිල්ගෙන් ද ? | Direct Politics
මම ඒක කළේ සල්ලි හොයන්න වමා/රයි. | Direct Politics | මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි