leader s

දිගින් දිගටම කාර්මික සාමය අනතුරේ හෙළමින් නිවාස ණය දෙන රාජ්‍ය බැංකුවක පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව

වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව ලංකා බැංකු සේවක සංගමය  පවසයි.

සේවක වරප්‍රසාද කප්පාදු කිරීම, සාමූහික ගිවිසුම උල්ලංඝනය කිරීම සහ ජංගම බැංකුකරණ සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ( HDFC) පාලනාධිකාරිය ජංගම බැංකුකරණ ක්‍රියාවලිය අකර්මණ්‍ය කිරීමට කටයුතු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ  කළ බවයි ලංකා බැංකු සේවක සංගමය පවසන්නේ.

ඒ අනුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්හි පලමු පියවර ලෙස දිවයින පුරා විසිරී ඇති සියලුම ශාඛා වල හා ප්‍රධාන කාර්යාල  සාමාජිකයන් විරෝධතා කළුපටි පැළඳ රාජකාරි කටයුතු වල නිරතවෙමින් විරෝධතා දක්වා තිබේ.

මෙම  වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මාර්තු 14 දින සිට 16 දින දක්වා ක්‍රියාත්මක  කර ඇත.

දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුල  සේවක ගැටලු සදහා සාධාරණ විසඳුම් අපේක්ෂා කරන අතර ඒ සදහා HDFC පාලනාධිකාරියෙන් යහපත් ප්‍රතිචාරයන් නොලැබේනම් ඉදිරියේදී වෘත්තීය සමිති  ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට කටයුතු කරන බවටත් ලංකා බැංකු සේවක සංගමය අනතුරු අගවා සිටි.

02 8

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්