leader s

ඉදිරි යල කන්නය සඳහා චීන කාබනික පොහොර යළි මෙරටට ගෙන එන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ පවසයි.


මෙලෙස මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත්තේ ද ඉකුත් වර මෙරට දැඩි ආන්දෝලනයට තුඩුදුන් කාබනික පොහොර තොගය ආනයනය කළ සමාගමෙන්මයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පොහොර තොගයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෙරටදී මෙන්ම විදේශ රටවලදී ද පරීක්ෂණ සිදුකරන බවයි.



මෙරට යල කන්නයට ලබාදෙන්නේ ගුණාත්මකභාවයෙන් යුත් පොහොර පමණක් බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.



ඉදිරි යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 05 ක් වගා කිරීමට අපේක්ෂිතය. ඒ සඳහා අවශ්‍ය පොහොර, දිලීර නාශක හා පළිබෝධ නාශක හිඟයකින් තොරව ලබාදෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

එළවළු, පළතුරු, බඩ ඉරිඟු වැනි සෙසු භෝග වගා කිරීම සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීමට සැලසුම් කර ඇතත් කාබනික පොහොර සඳහා පොහොර සහනාධාරය ද මෙවර ක්‍රියාත්මකයි.

 

The Leader TV අද වීඩියෝ

 
 
 
  
 
 
 

Leader Whats app

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්