leader s

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අද (22) සවස 5.00ට ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.


නිමල් ලන්සා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබු ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබු බවත්, රාජ්‍ය ඇමතිවරයාට අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයට එන්නැයි දැනුම්දී ඇත්තේ ඒ අනුව බවත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පෙර එම හමුව සිදුවන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ සිටිය හැකි නමුත් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී කිසිඳු තැකීමකින් තොරව බලා සිටිය නොහැකි බවත්, තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා හෘද සාක්ෂිය බලවත් බැවින් මෙම පියවර ගන්නා බවත් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබිණ.

නිමල් ලන්සා ඉකුත් මස 22 වැනිදා ද ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් අමාත්‍යාංශයේ පවතින ගැටලු කිහිපයක් දැනුම් දී තිබූ බව ද වාර්තා විය.

පසුගිය කාලයේ මහාමාර්ග අමාත්‍යංශයේ මග නැගුම ඇතුළු ආයතන ගණනාවක සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව ද ලන්සා එහි සඳහන් කර තිබූ බවත් තමන් හෙළිදරව් කරන ලද කරුණුවලට අදාළ සාක්ෂි ද ඇති බැවින් ඒවා ගැන වහා පරීක්ෂණයක් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබූ බවත් සඳහන් විය.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත්කරන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

තමන් 22 වැනිදා ලිපියෙහි සඳහන් කළ කරුණු අමාත්‍යාංශය තුළ තවදුරටත් සිදුවෙමින් ඇතැයි ද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.

සැබැඳි පුවත්

නිමල් ලන්සා ඇමතිකමෙන් ඉල්ලා අස්වේ

 

The Leader TV අද වීඩියෝ

 

 
 
 
 

Leader Whats app


  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්