ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) පස්වරු 03.00 ට නුගේගොඩ නගර මධ්‍යයේදී පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට පහරදීම සඳහා නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ට්ගාර්ඩ් ආරක්ෂක
සමාගමේ සේවය කරන විශ්‍රාමික සෙබළුන් 300කට වැඩි පිරිසක් කැඳවා ඇති බවට මාධ්‍ය වාර්තා පළවේ.

'ඇවන්ගාඩ්' සේනාධිපතිගේ පිටකොට්ටේ පිහිටි කාර්යාලය අවට සහ බැද්දගාන රථගාලක් අසළ මේ වනවිට යම් පිරිස එකතුවෙමින් සිටින බවත්,  ඔවුන්ගේ අරමුණ අද දින මෙම උද්ඝෝෂණයට බාධාකාරීවන යම් දෙයක් සිදුකිරීම බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ඇතැම් සමාජ මාධ්‍ය ඊට අදාල ජයාරූප සහිතව එම පුවත් පලකර තිබේ.

JVP 2022.03 1
මේ සම්බන්ධයෙන් අද දහවල් විශේෂ ප්‍රකාශයක් කළ ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා මෙසේ සඳහන් කලේය.



''බාස්කට් බොල් තරඟයක දිරිගැන්වීමට කැඳවූ පිරිසක් ''




ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබෙන ‍රැස්වීමකට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඇවන්ට්ගාර්ඩ් ආයතනය විසින් රාජගිරියේ පිරිසක් සූදානම් කර තිබෙන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ කලමණාකර අධ්‍යක්ෂවරයා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය.


ඔහු පවසා සිටියේ එම පිරිස ඇවන්ට්ගාර්ඩ් ආයතනයෙහි සේවයට සම්බන්ධ පිරිසක් බවත් එම 300 ක පමණ පිරිස කැඳවූයේ ඇවන්ටගාර්ඩ් ආයතනය විසින් සංවිධානය කර තිබෙන බාස්කට් බෝල් ක්‍රීඩා තරගාවලියේ නරඹන්නන් ලෙස සහභාගි කරවීම වෙනුවෙන් බවයි.



පසුගිය 19 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී 'ඇවනට් සුපර් කප්' බාස්කට් බොල් (පැසිපන්දු) තරගාවලිය ආරම්භ කළ බවත් එය අප්‍රේල් දෙවනිදා දක්වා පැවැත්වෙන බවත් ඔහු පැවැසීය.

බාස්කට් බෝල් ක්‍රීඩාව මෙරට ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇවන්ට්ගාර්ඩ් ආයතනය අනුග්‍රහහය දක්වන මෙම තරගාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් තම ආයතනයට කළ හැකි සියළු පහසුම් හැකියාවන් ලබා දී ඇති බවත් ඒ අනුව එම තරගාවලියේ උණුසුම් බව රඳවාගැනීම සඳහා ක්‍රීඩා ලෝලින්ගේ සහභාගිත්වය වැදගත් බැවින් ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සියළු සේවක සේවිකාවන්ට එම තරග නැරඹීමේ අවස්ථාවට සහභාගී වීමේ ඉඩ කඩ ලබා දී ඇති බවත් එම ප්‍රකාශකයා පවසා සිටීයේය.  
 
cup av 2022.03.23 1

500 ක පමණ සේවක පිරිසක් පසුගිය දින කිහිපයේදීත් මෙම තරඟ නැරඹීමට සහභාගී වී තිබු බවත් තම ආයතනයේ දුර බැහැර සේවක සේවිකාවන්ටත් එම අවස්ථාව ලබාදීම වෙනුවෙන් ඔවුන්ට ඒ සඳහා පහසුකම් සැලසීමේ ක්‍රියාවලියේදී එම පිරිස රාජගිරිය ප්‍රදේශයට රැස්කිරීම ගැන ජවිපෙ අනවශ්‍ය ලෙස කළබලවීමක් සිදුව ඇති බව කලමණාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

ආරක්ෂක අංශ නියෝජනය කරමින්ද ක්‍රීඩා කණ්ඩායම් ගනනාවක් මීට සම්බන්ධ වී ඇති බවත් එම ආරක්ෂක අංශ සාමාජිකයන් සිය ගනනක් ද මෙම තරග නැරඹීම සඳහා ගෙන්වීමත් සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් යම් දේශපාලන පක්ෂයකට ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා රට පුරාම සිටින පිරිස් ගෙන්වා ගැනීමට අයිතියක් තිබෙනවා සේම ඇවන්ගාර්ඩ් ආයතනයටද දේශපාලන විරෝධතාවයක් සංවිධානය කිරීමට හෝ සෙනඟ රැස්කිරීමේ අයිතියක් ඇති බවත් ඊට ජවිපෙන් අවසර ගත යුතු නැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්