leader s

ආක්‍රමණික රුසියානු හමුදා ඉවක් බවක් නැතුව එල්ල කරන ප්‍රහාර නිසා දකුණු යුක්රේනයේ

වරායබද මරියපොල් නගරයේ "කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ" කියල යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියනවා.

නගරයේ කොටුවෙලා ඉන්න ලක්ෂයකට ආසන්න ජනකායකට සති ගාණක්  තිස්සේ නිසි අහරක්, ජලය සහ ඖෂධ ඇතුළු කිසිම අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් නැහැ.

මේ අතරේ රුසියානු හමුදා බුචා, ගොස්තමෙල් සහ ඉර්පින් කියන කියෙෆ් අගනුවරට ආසන්න ප්‍රදේශවල කොටසක් අත්පත් කරගෙන.

බුචා කියන්නේ කීව් අගනුවර ඉඳල කිලෝමීටර් 20ක් විතර ඈතින් තියෙන නගරයක්. ශ්‍රී ලාංකිකයෙකුත් ඒ නගරයේ යුද්ධයට කොටුවෙලා ඉන්නවා.

බුචා නගරයේ ඉන්න කුමාර යාපා, මා දන්නා තරමින් කීව් අගනුවර යුද්ධයට මැදිවෙලා ඉන්න එකම ශ්‍රී ලාංකිකයා.  

ඔහුගේ 25 හැවිරිදි පුතාට රටින් පිටවෙන්න තහනම්, ඔහු ඉන්නේ කීව් නගරයේ.

කුමාර යාපා එක්ක මම කතාකරන වෙලාවෙත් අපිට වෙඩි හඬ ඇහුන.

සම්පූර්ණ සාකච්ඡාව වීඩියෝ පටයේ.

- සරෝජ් පතිරණ (Sandeshaya by Saroj)

 

 


 
 
 
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්