දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.


ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.

ඊයේ පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපතිවරයා නූලන්ඩ් මහත්මිය දැනුවත් කළේය.

ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමඟ සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්නාය.



ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බව පැවසීය.



ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබා දීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් මහත්මිය සඳහන් කළාය.

මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දෙනු ලැබී ය.



කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මඟින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව ජනපතිවරයා පැවසීය.


එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර නූලන්ඩ් මහත්මියගේ ඇගයීමට ලක් විය.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා දූත පිරිසෙන් ඉල්ලා සිටියේය.

 

277005200 510645897095729 212091660001083781 n

 

The Leader TV අද වීඩියෝ 


තවත් ඉවසනු බෑ එකම විසඳුම මේ පමණයි ! | මොණරවිලගේ ලියමන

නාමල්ට සහය දෙන්න මගේ කිසිම අදහසක් නෑ - උදය ගම්මන්පිල | Direct Politics |

විමල් පිලේ මන්ත්‍රීට බැසිල් දාපු ඩීල් එක මෙන්න! | අද ගොසිප් එක 

ආදරය එපා කිවූ ගුරුවරියට අත් වූ ඉරණම! 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්