පසුගිය කාලය පුරා පත් කර ගත් හැම ජනාධිපතිවරයෙක් ම ඔහුගේ හෝ ඇයගේ පූර්වගාමියාට වඩා දූෂිත, අකාර්යක්ෂම සහ අදක්ෂ වූ බව පවසන පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ,

ජනාධිපතිවරයාගේ විධායක බලතල කප්පාදු කිරීම අත්‍යවශ්‍ය බව පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පිළිවෙත් සහ ප්‍රතිපත්ති ගැඹුරටම ඛාදනය වී ඇති බව පවසන ජනාධිපති නීතිඥ විජේදාස කියා සිටින්නේ, ජාතිය, භාෂාව, ආගම, දේශපාලන මතවාදය ආදිය නොසලකා ආර්ථිකයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නැතිවී ගිය කීර්තිය යළි ස්ථාපිත කිරීමට අප දැඩි උත්සාහයක් ගත යුතු බවයි.

එසේ නොවුවහොත් රට අරාජික වී සියල්ලෝම අනාරක්ෂිත තත්ත්වයකට පත්වනු ඇතැයි ද ඔහු පවසයි.



මේ තාක් දුරට සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරයේ විධායක බලතල කප්පාදු කිරිමට එකඟ වී නැත. පෙනෙන විදියට ඔහුට අවශ්‍ය වන්නේද විධියක බලතල සහිත ජනාධිපති ධුරයකි. නිරීක්ෂකයින් පවසන්නේ එසේ වුව හොත් බලයට පත් සෑම විධායක ජනාධිපතිවරයකුම සිය පූර්වගාමීනට වඩා දුර්වල සහ ආකාර්‍යක්ෂම වූ බවට විජේදාස කරන ප්‍රකාශය සත්‍ය වනු ඇති බවයි.


හදිසි පදනමක් මත පහත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පහත සඳහන් කරුණූ ඇතුළත් 21 වැනි සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් අගමැති මහින්ද රාජපක්ෂට යැවූ ලිපියක සඳහන් වේ.

ඒ කරුණු මෙසේය:

1- විධායක බලය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුව විසින් නිරීක්ෂණය කරනු ලබන බව සහතික කිරීම සඳහා ජනාධිපති ධූරයට පැවරී ඇති විධායක බලතල අමාත්‍ය මණ්ඩලය වෙත පැවරිය යුතුය.

2- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් අතරින් වහාම නව ජනාධිපතිවරයකු තොරා පත් කළ යුතුය. වත්මන් ජනාධිපතිගේ කාර්යාලය එම පත් කිරීම සමඟ අවසාන වනු ඇත.

3- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සම්මුතික සංවාදයක් පැවැත්වීමෙන් පාර්ලිමේන්තුවේ බහුතරය බලය ඇති නව අගමැතිවරයකු පත් කිරීමට නව ජනාධිපතිවරයාට බලය පැවරෙනු ඇත.

4- පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මංත්‍රීවරියන්ගෙන් සමන්විත අන්තර් කාලීන අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවනු ඇත.

5- පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තුරු හෝ පාර්ලිමේන්තුව වෙනත් ආකාරයකින් විසුරුවා හරින තෙක් සහ මීළඟ අමාත්‍ය මණ්ඩලය පිහිටුවන තෙක් අන්තර් කාලීන රජය දිගටම පවතිනු ඇත.

6- ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර් කාලීන රජය කෙටි කාලීන සහ දිගු කාලීන ප්‍රතිපත්තියක් සකස් කරනු ඇත.

7- ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් මගින්, ණය සේවා නැවත සකස් කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරනු ඇති අතර ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීමට රජය කටයුතු කරනු ඇත.

8- ජාතික ආර්ථිකයේ පූර්ණ පලදායිතාව සහතික කිරීම සඳහා සියලු රජයේ ආයතන කළමනාකරණය කිරීම සඳහා දක්ෂ පුද්ගලයින් පත් කරනු ඇත.

9- ආහාර සහ පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනයලි හඳුන්වා දීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය සහ සහ වෙළඳපොළට සැපයීම සහතික කිරීම.

10 - වී, එළවළු, තේ සහ අනෙකුත් වගාවන් සඳහා ගුණාත්මක පොහොර සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කිරීම.

11- සංවාද මෙන්ම නීතිමය ප්‍රතිසංස්කරණ හරහා විකුණන ලද ජාතික සම්පත් නැවත ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීම.


(srilankabrief.org) 

The Leader TV අද වීඩියෝ 


තවත් ඉවසනු බෑ එකම විසඳුම මේ පමණයි ! | මොණරවිලගේ ලියමන

නාමල්ට සහය දෙන්න මගේ කිසිම අදහසක් නෑ - උදය ගම්මන්පිල | Direct Politics |

විමල් පිලේ මන්ත්‍රීට බැසිල් දාපු ඩීල් එක මෙන්න! | අද ගොසිප් එක 

ආදරය එපා කිවූ ගුරුවරියට අත් වූ ඉරණම! 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්