leader s

"විනිවිද භාවයෙන් යුත් පාලනයක්" සඳහා ජනතාව පෙළගැස්වීමේ අරමුණින් යුතුව Urban Citizens සංවිධානය විසින් ක්‍රියාත්මක කිරීමට යන සමාජ ව්‍යාපාරයේ සමාරම්භක වැඩසටහන ඉරිදා (27) පස්වරු 5.00ට ශ්‍රී

ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

Urban Citizens සංවිධානය ප්‍රධාන වශයෙන් වෘත්තිකයන්, විද්වතුන් සහ ව්‍යවසායකයන්ගෙන් සමන්විත කණ්ඩායමකි.

සමාජ සාරධර්ම ශක්තිමත් කිරීම සඳහා සමාජයට මග පෙන්වන සහ දූෂණයට එරෙහි නීතිමය ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙස රජයට බලපෑම් කරන,  ස්වාධීන සිවිල් සමාජ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වීම තම සංවිධානයේ අරමුණ බව Urban Citizens පවසයි.

එසේම එහිදී අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රඥප්ති පිළිබඳ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම තම සංවිධානයේ අරමුනක් බවත්, ඒ හරහා දූෂණ සංජානන දර්ශකයේ (CPI) ශ්‍රී ලංකාව වඩා හොඳ ස්ථානයකට ඔසවා තැබීමට අපේක්ෂා කරන බවත් Urban Citizens සංවිධානයේ සභාපතිනි ශර්මිලා ගෝනවෙල පැවසුවාය.

"විනිවිද භාවයෙන් යුත් පාලනයක්" ජනතාව අතරට ගෙන යෑමේ ආරම්භක අවස්ථාව ලෙස 27 ඉරිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ප්‍රතිභා මහානාමහේවා, හිටපු විගණකාධිපති ගාමිනි විජේසිංහ සම්පත් දායකයින් ලෙස එහිදී දේශන පැවැත්වීමට නියමිතය.

 

WhatsApp Image 2022 03 26 at 7.36.37 AM

 


Leader Whats app


 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්