leader s

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි හිටපු අමාත්‍ය උපාලි පියසෝම, ඊයේ (26) දිනයේ යළි 'සිරිකොත' පක්ෂ මුලස්ථානයට පැමිණ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හමුවී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රියව දායකවීමට එකඟත්වය පළකර ඇත.

ඒ අනුව, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය මැති ඇමතිවරුන් මෙන්ම පක්‍ෂයේ හිටපු  ක්‍රියාකාරීන් යළි ඒකරාශි කිරීමේ වගකීම ඔහු වෙත පවරා ඇත. ඊට අදාල කමිටුව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වේ.

උපාලි පියසෝම 'එජාප හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ' උප ලේකම්වරයා ද වේ.

එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය සියළු දෙනාට තමන් සමග එක්වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉකුත්දා නිවේදනයක් මගින් ආරාධනයක්ද සිදුතිබිණ.

එම ආරාධනය අනුව එජාප හිටපු මහ ලේකම්, තිස්ස අත්තනායක ද මේවනවිට සජිත් ප්‍රේමදාසට සහය දීමට ඉදිරිපත්ව සිටින අතර ඊයේ යළි එජාප සක්‍රිය දේශපාලනයට එක්වූ උපාලි පියසෝම 'නෙත් නිව්ස්' වෙත මෙසේ පැවසිය.

හඬපටය 


මේ අතර theleader.lkවාර්තා වන්නේ නොයෙකුත් හේතුන් මත පක්ෂය හැරගිය එජාපයේ හිටපු ප්‍රධාන පෙලේ දේශපාලනඥයින් ගණනාවක් යළි එජාපයට එක්වීමට සජිත් ප්‍රේමදාස සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි. මේවනවිට 'පොහොට්ටු' පක්ෂයට එක්ව සිටින එජාපයේ හිටපු තරුණ නායකයින් කිහිප දෙනෙකු ද එසේ සාකච්ජා පවත්වන පිරිස අතරවේ.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්