මන්ත්‍රීවරු 113 සම්පූර්ණ වූ සැණින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අවධාරණය කර සිටියි.


පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල එබව කියා සිටියේ, ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදීය.

"පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඕනෑම වෙලාවක පුළුවන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 අ වගන්තියේ සඳහන්."

"පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය 20යි. 20ක් වාඩිවෙලා 11ක් කැමති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්."

"113 හැදුණු සැනින් අපි ඒ යෝජනාව ගේනවා." ඔහු සඳහන් කළේය.



"ජනාවට ඉතා ඉක්මණින් අනාගත නායකයා දකින්න පුළුවන්. ඉවසීමෙන් ඉන්න. නංගි පෙන්වලා අක්කා දෙනවට වඩා භයානකයි අයියා පෙන්වලා මල්ලි දෙන එක."



බැසිල් පන්නන්න : 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්



ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර හා රජයේ ඉහළ නිලතල දැරීම වළක්වාලමින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේද පැවසිය.


''ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූර, ජනාධිපති ධූරය පමණක් නෙමෙයි රාජ්‍යයේ කිසිම වැදගත් තනතුරක් දරන්න බැරි කරන විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට කිසිම මහජන නියෝජිත තනතුරක්, ආණ්ඩුවේ තනතුරක් වගේම අධිකරණයේ විනිසුරු තනතුරක් ද දරන්න බැරි වෙනවා..


"මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. මේ අර්බුදයට විසඳුමක් ලෙස 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අප්‍රේල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අපි කටයුතු කරනවා."



'බැසිල් කෝසම් සුල්තානා වගේ'



'බැසිල් කෝසම් සුල්තානා වගේ' යයි පැවසු ගම්මන්පිල මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙන ඡන්ද කෙමනක් අටවලා එකතු කරලා මී ලඟ ජනපතිවරණයේ දී ඒ ඡන්ද නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ගිණුමකට ඒකතුකිරීමේ කුමන්ත්‍රණයක අපි යෙදී සිටින බවට විපක්ෂයේ සමහරු චෝදනා කරනවා.  

නාමල් ඇමතිතුමාගේ අවාසනාවට මේ ආණ්ඩුව අවසන් වන දාට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය විතරක් නොවේ වසර 80ක් පුරාවට තිබුණු පවුල් පාලනය ද අවසන් වෙනවා.  



අපිට නැවත රාජපක්ෂවරයෙකු රජ කිරීමේ උවමනාවක් නෑ.  මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. බැසිල්ගේ කල් ක්‍රියාව දුටු විට අපට සිහිපත් වෙන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයේ සිටි කෝසම් සුල්තානා.

Kösem Sultan 1

මහද්විප තුනක් පුරා පැතිරුණු දැවැන්ත ඔටෝමාන් අධිරාජ්‍යයේ 17වන සියවසේ සිටි අහ්මත් සුල්තාන්ගේ සුරූපි බිරිඳ තමයි කෝසම් සුල්තානා.  අධිරජුගේ පිටුපස සිට රට පාලනය කලේ කෝසම්.  ඔහු මිය ගියාට පස්සේ සිය පුතු මුරාද් සිහසුනේ තබාගෙන ඇය රට පාලනය කලා.  මවගේ ඇඟිලි ගැසීම් වලට මුරාද් විරුද්ධ වුණාම ඔහු මරා දමා බාල පුතු ඊබ්‍රහිම් රජ පුටුවේ තබා රූකඩ නැටවීම ඉදිරියට ගෙන ගියා.  අවසානයේ සිය මවගේ රූකඩ නැටවීමට ඊබ්‍රහිම් විරුද්ධ වුණාම සිය පුතු මරා දමා සිය මුණුබුරු මෙහෙමද් රජ කිරීමට කෝසම් කටයුතු කළා. ඒදා තුර්කියේ කවුරුන් රජ වුණත් රට පාලනය කරන්නේ කෝසම් වගේ ලංකාවේ මොන රාජපක්ෂ රජ වුණත් අන්තිමට රට පාලනය කරන්නේ බැසිල්.

බැසිල් රාජපක්ෂ රජ වුණේ 20 වන සංශෝධනය නිසා කියලා මිත්‍යාවක් අද සමහරු පතුරනවා.  20 වන සංශෝධනය නිසා සිදු වුණේ බැසිල්ට මුදල් ඇමති ධූරය ලැබුණු එක විතරයි.  මුදල් ඇමතිට රට පාලනය කරන්න බලයක් කොහෙන් ද?  ජේ ආර් ආණ්ඩුවේ රට පාලනය කලේ රොනී ද මැල් ද? ප්‍රේමදාස ආණ්ඩුවේ රට පාලනය කලේ කේ එන් චොක්සි ද?  සිරිසේන ආණ්ඩුවේ රට පාලනය කලේ මංගල සමරවීර ද? නෑ.  



අද බැසිල් රාජපක්ෂ රට පාලනය  කරන්නේ 20 වන සංශෝධනය හරහා පත් වූ මුදල් ඇමති විධියට නොවේ.  පාර්ලිමේන්තු බහුතරය තිබෙන පොහොට්ටු පක්ෂයේ නායකයා විධියටයි ඔහු අදරට පාලනය කරමින් සිටින්නේ. හරියටම කියනවනම් රට විනාශ කරමින් සිටින්නේ. 



ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති වෙන්න පුළුවන් වුණෙත් 19 වන සංශෝධනයේ හිලකින් රිංගලා. 19 වන සංශෝධනය යටපත් කරගෙන 20 වන සංශෝධනය නාවත් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ආකාරයෙන්ම රට පාලනය කරණවා. ඒසේ නම් 19 වන සංශෝධනයෙන් වැසුවේ නැති හිල් ටිකක් දැන් වැසිය යුතුයි.



ප්‍රශ්නය:
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඔබතුමා මොකද හිතන්නේ?


ගම්මන්පිල :
අද වෙබ් අඩවිවල වාර්තා කරලා තිබුණා කතානායකතුමා කිව්වා කියල පාර්ලිමේන්තුව වසර දෙකහමාරක් යන තුරු විසුරුවා හරින්න බැහැ කියලා. ඇත්තෙන්ම ගරු කතානායකතුමාට වැරදි උපදෙසක් දීලා තියෙන්නේ. මම අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වගන්තිය කියවන්නම් රටටම දැන ගන්න.

අපි මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තමන් පාලනය කලයුතු ආණ්ඩුව තීරණය කිරීමේ අවස්ථාව නැවත ජනතාවට ලබාදීමේ වෑයමක කටයුතු කරනවා. ඒ නිසා ගරු කතානායකතුමාට කවුරුහරි ලබාදුන්නු වැරදි උපදෙසක් නිසා එතුමා කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් වසර දෙක හමාරක් ගත විය යුතුයි කියලා.

එහෙම අවශ්‍ය වෙන්නේ ජනාධිපතිතුමාගේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.



නමුත් පාර්ලිමේන්තුවේ උවමනාවෙන් පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින්න පුළුවන් . ඒ බව සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 /1 (අ) වගන්තියෙ.


එම වගන්තිය කියවන්නම්..



(ඈ) වන ඡේදයේ විධිවිධාන වලට යටත් ව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියොත් මිස ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස 6කට නොඅඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නො හැරිය යුත්තේ ය.



පාර්ලිමේන්තුවට පුලුවන් ඕනම වෙලාවක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්න පාර්ලිමේන්තුව විසුරවා හරින්න. එතකොට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිද්ධ වෙනවා. එහෙම ඉල්ලීමක් නැතුව ජනාධිපතිවරයාට විසුරුවාහරින්න නම් පාර්ලිමේන්තුවේ පළවෙනි රැස්වීමේ ඉදන් අවුරුදු දෙකහමාරක් ගත වෙනවා. එතකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් 2023 මාර්තු 3 දක්වා බලා සිටීමට සිදුවිය යුතුයි.

නමුත් පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඕනෑම වෙලාවක පුළුවන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70/1 (අ) වගන්තියෙන් ඉතාම පැහැදිලියි.

ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියන ව්‍යාපෘතිය අපි කරන්යද්දි ජනතාව ඉදිරියට යා ගන්න බැරි පහුගිය කාලේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශද්‍රෝහී දූෂිත වැඩපිළිවෙළට සහය දක්වපු මන්ත්‍රීවරුන්ගේ බඩ පපුව දන්න පටන් අරගෙන තියෙනවා. ඒ අයගේ සිත සැනසීමට තමයි මෙවැනි බොරුවක් ආණ්ඩුවෙන් ප්‍රචාරය කර තියෙන්නෙ. ඒක සම්පූර්ණයෙන් වැරදියි.



ඇත්තම කියනවා නම් පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය විස්සයි. විස්සක් වාඩිවෙලා එකොළහක් කැමති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.



මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ පරිපාලන ලේකම් තිලින පීරිස් කොළඹ දිසා සංවිධායක හා මධ්‍යම  කාරක සභික ශිරන්ත ජයලත් යන මහත්වරුන්ද සහභාගී විය.

 

 

The Leader TV අද වීඩියෝ 

සජබ ඇතුළෙ කැරළි එළියට! | අද ගොසිප් එක | The Leader TV

මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන

රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

Leader Whats app


 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්