leader s

මේ දිනවල රටවටා පැවැත්වෙන උද්ඝෝෂණ වලින් හිරේ විලංගුවේ වැටෙන අහිංසක මිනිසුන්ට නීති සහය ලබා දෙන නමුත්, විරෝධය මුල්කරගත් උද්ඝෝෂණ වටා එක්රොක් වෙනවා වෙනුවට, විසඳුම් මුල්කරගත්

නිර්මාණාත්මක බලපෑම් කිරීමේ උපක්‍රම සඳහා ජනතාව යොමු විය යුතු බව 'Plan B සාමූහිකය' පවසයි.

'ෆ්‍රීඩම් හබ් ' හි අද (01) දින මාධ්‍ය සාකච්චාවක් සංවිධානය කරමින් 'Plan B සාමූහිකය' ක්‍රියාකාරීන් පිරිසක් එබව පැවසුහ. Plan B නියෝජනය කරමින් මහීල් බංඩාර දෙහිදෙනිය, නීතිඥ භාග්‍යා සෙනෙවිරත්න සහ කිත්සර ගුණරත්න මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

ලේ සහ මළකඳන් උඩින් විසඳුම් සොයන ක්‍රම, ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන ප්‍රවාහයට අයිති එකක් බවත්, එය වෙනස් කරන්නට නම් ඊට අයිති නොවන, ඊට වඩා දියුණු, නිර්මාණාත්මක සන්නිවේදන සහ බලපෑම් කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කටයුතු කලයුතු මාධ්‍ය හමුව කැඳවූ ඔවුහු  අවධාරණය  කර සිටියේය.


අවුරුදු 74ක Plan එකේ මළගමට සුදු කොඩි දමමු !



තමන්ගේ වාහන, නිවාස, ව්‍යපාරික ස්ථානවල, සමාජ මාධ්‍ය ප්‍රොෆයිල් පික්චර් වල, පෝලිම්වල, උද්ඝෝෂණ වල සුදු කොඩි දමා, වසර 74ක පරණ ප්ලෑන් එකේ මළගමට ද, පවතින දේශපාලන විරෝධයට ද, දුක සහ කණගාටුව ප්‍රකාශයට ද, ජාත්‍යන්තරයේ සහය ඉල්ලා සිටීමට ද එක්වන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දේශපාලකයින් නොව මරා දැමිය යුත්තේ වසර 74ක දේශපාලන plan එක වන බවත්, ඒ වෙනුවට plan B වෙත යොමු විය යුත් බවත් ඔවුන් අවධාරණය කර සිටියි.

තව දුරටත්, උද්ඝෝෂණ ආකෘතිය තෝරාගන්නවා නම්, ආරක්ෂිත උද්ඝෝෂණයකට අවශ්‍ය උපදෙස් මාලාවක්ද ඔවුන් විසින් ජනගත කරන ලදි.

 ජනාධිපතිවරයාගේ මිරිහාන නිවාස අසල ඊයේ දිනයේ පැවැති උද්ඝෝෂනයේදී අත් අඩංගුවට පත් ජනතාවට නීති සහය සැලසීමට Plan B සාමූහිකය නියෝජනය කරමින් නීතිඥ සමන්ත සුදේශ්ප්‍රිය සහ නීතිඥ ලක්ෂාන් අබේරත්න මිරිහාන පොලීසිය සහ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට සහභාගී විය.

ලබන අඟහරුවාදා රැස්වන පාර්ලිමේන්තු සැසියේදී තමන් සතු plan B එක යෝජනා කරන මෙන් 'Plan B සාමූහිකය' පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අභියෝග කර සිටියි.

 

The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්