leader s

විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉදිරිපත් කල යෝජනාවකට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එකඟත්වය පලවී ඇතැයි

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පවතින අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සහභාගිත්වයෙන් අන්තර්වාර පාලනයක් ස්ථාපිත කිරිමටත් අනතුරුව කෙටි කාලයක් තුලදී මහ මැතිවරණයක් කැඳවීමටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී යෝජනා කර තිබේ.

හිටපු අමාත්‍ය විමල් විරවංශ, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඊයේ ජනාධිපතිවරයා හමුවී එම ඉල්ලීම සිදුකර ඇති අතර, ඔවුන් අද අගමැති වරයා ද හමුවී එම යෝජනාව ම ඉදිරිපත්කර ඇත.

ඒ අනුව, බොහෝදුරට හෙට වනවිට අලුත් කැබිනට් මණ්ඩලයක් සහිත අලුත් ආණ්ඩුව පිහිටුවීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්