වෙබ්  මාධ්‍ය  හයක කතුවරු සහ කතුවරියන් එක්ව රාජපක්ෂ රජයේ සමාජ මාධ්‍ය තහනමට විරුද්ධව

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එය පහත පළවේ.

වෙත :

විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය,
සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, කොළඹ.


පැමිණිලිකරු:

තරිඳු ජයවර්ධන, සංස්කාරක, මීඩියාඑල්කේ ඩොට් කොම් වෙබ් අඩවිය
තරිඳු උඩුවරගෙදර, සංස්කාරක, සටහන් රේඩියෝ යූටියුබ් නාලිකාව
රේඛා නිලුක්ෂි හේරත්, සංස්කාරක, සටහන් බ්ලොග් අඩවිය
නිරෝෂ් මෛත්‍රී, සංස්කාරක, නිව්ස් 19 වෙබ් අඩවිය.
මංජුල බස්නායක, සංස්කාරක, නිව්ස් සෙන්ටර් වෙබ් අඩවිය.
ශබීර් මොහොමඩ්, ජනමාධ්‍යවේදී, එක්ස්පෝෂර් නිව්ස් වෙබ් අඩවිය.


වගඋත්තරකරුවෝ :

නාමල් රාජපක්ෂ, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සභාපති, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.
අධ්‍යක්ෂ ජනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.
සභාපති, පාරිභෝගික සේවා අධිකාරිය
අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික සේවා අධිකාරිය.
සභාපති, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම
සභාපති, මහජන උපයෝගීතා කොමිෂන් සභාව.


පැමිණිල්ල :

ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප් ඇතුළු අන්තර්ජාල සන්නිවේදන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අද අලුයම සිට අවහිර කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. මෙහි පැමිණිලිකරුවන් වන අප සියලු දෙනා සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය මූලික කර ගනිමින් මාධ්‍ය කටයුතුවල නිරත වන බැවින් සමාජ මාධ්‍ය අවහිර කිරීමත්, අන්තර්ජාල සබඳතා සීමා කිරීමත් නිසා අපි දැඩි අපහසුතාවට පත්වීමු. අපගේ වෘත්තීය කටයුතුවලට එමගින් දැඩි බාධාවක් සිදුවිය.

අන්තර්ජාලය සීමා කිරීම සහ සමාජ මාධ්‍ය අවහිර කිරීම නිසාත්, එලෙස අවහිර කිරීම නතර කිරීමට කඩිනමින් පියවර නොගැනීම නිසාත් ඉහත වගඋත්තරකරුවන් අපගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව අපි ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම අපගේ පාඨකයන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම්ද කඩ කළ බව අපි ප්‍රකාශ කර සිටිමු.

එසේ හෙයින්,

# වහාම අවහිරතාවය ඉවත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නිර්දේශ කරන ලෙසත්,

# අවහිරතාවය සිදුකිරීමට ගත් තීන්දුව ගැන විමර්ශනයක් සිදු කරන ලෙසත්,

# එම තීන්දුව නිසා අපගේ සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිනම් උල්ලංඝණය වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත්,

# ඒ සම්බන්ධයෙන් ඉහත වගඋත්තරකරුවන්ගේ පුද්ගලික මුදලින් පැමිණිලිකරුවන් වන අප වෙත සහ අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙත වන්දි මුදලක් ප්‍රදානය කිරීමට නිර්දේශ කරන ලෙසත්,



නීති විරෝධී නියෝගයක් පිළිපැදීම සම්බන්ධයෙන් සියලු දුරකතන සේවා සමාගම්වලට තම පැමිණිලිකරුවන් වන අප වෙත සහ පාරිභෝගිකයන්ට වන්දි මුදලක් ප්‍රදානය කිරීමට නියෝග කරන්නැයි ඉහත වගඋත්තරකරුවන්ට නිර්දේශ කරන ලෙසත්, ඉල්ලා සිටිමු.

 

The Leader TV අද වීඩියෝ 
  
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්