සියලු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත්කළ යුතු බවට තරුණ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට ප්‍රබල ප්‍රචාරක මෙහෙයුමක් දියත්කර ඇත.


ඒ අතර ආණ්ඩුවේ ජාතිකවාදී මතවාදය පෝෂණය කරනු ලබන මහාචාර්ය නලින් ද සිල්වා ද පවසන්නේ, ඇතැම් රාජපක්‍ෂලා ඉවත් කළ යුතු බවයි. ඇතැම් රාජපක්‍ෂලා ඉවත් කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.

මහාචාර්යවරයා එබව සඳහන් කර ඇත්තේ, kalaya.org සමාජ මාධ්‍ය බ්ලොග් අඩවිය වෙත ඊයේ (03) දිනයේ විශේෂ සටහනක් තබමිනි. එම සටහන කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර තිබේ.


ඇතැම් රාජපක්‍ෂලා ඉවත් කළ යුතුයි !

ඇතැම් රාජපක්‍ෂලා ඉවත් කළ යුතුයි !



''මෙය කෙටි ලිපියක්. මා හිතුවේ නැහැ අද ලිපියක් ලියන්න පුළුවන් වේවි ය කියා. කරුණු කිහිපයක් පමණක් කෙටියෙන් සඳහන් කරනවා. ජනතා උද්ඝෝෂකයන් ජනතාව අමතක කර සකර්බර්ග් අනාථ කඳවුරේ සුපුරුදු පරිදි නර්මාලාප හා නිර්මාලාප කියවනවා. මා හිතුවා ඔවුන් ඇඳිරි නීති හදිසි නීති සතපහකට මායිම් නොකර ජනතාව වෙනුවෙන් පපුව දෙන්න පාරට බහීවි කියලා. ඒත් එහෙම දෙයක් වුණෙ නැහැ. ඔවුන් පපුව බේර ගත්තා. තව තව දේවලුත් බේර ගත්තා.

සජිත් නම් මන්ත්‍රීවරුන් ටිකක් පිරිවරාගෙන නිදහසේ නිදහස් චතුරස්‍රයට ඇතුල් වෙන්න ගිහින්. ආරංචි හැටියටත් සජිත්ගේ හැටියටත් හිතන්න පුළුවන් ඔවුන් සත්‍යග්‍රහයක් කරන්න ඉඳලා තියෙන්නෙ කියලා. සත්‍යග්‍රහය බලන්න මිනිසුන් ආවම ග්‍රහ මාරුවකට තමයි සූදානම් වුණෙ කියල හිතන්න පුළුවන්.

කිරිඇල්ල චම්පක වගේ වීරයන් පොර කතාවලට සූදානමින් එන්න ඇති. ඒත් පොලීසිය දුරදර්ශීව ක්‍රියා කරල සජිත් ව ආපහූ ඇරලා. අපරාදෙ පෙට්‍රල්, ඩීසල්

 ජෙප්පන් හා සෙප්පන් තැන් කිහිපයක තම වැඩ පෙන්නනලා. ඒකෙන් පෙනිලා තියෙන එක ම දේ ඔවුන් වැඩ්ඩන් නොවන බවයි. අපරාදෙ මිනියක් උස්ස ගෙන රට වටේ යන්න තිබුණ ආදාහනය කරන්න ගෑස් නැහැ කියමින්. කමක් නැහැ.


මේ වැඩෙන් තේරෙන ප්‍රධාන කාරණය තමයි මෙය ජනතා උද්ඝොෂණයක් නොවන බව. ජනතා උද්ඝෝෂණයක් නම් නායකයන් පාරට එන තුරු ජනතාව බලන් ඉන්නෙ නැහැ. ඉන්දු ලංක ගිවිසුම වෙලාවෙ අපි ජනතා උද්ඝෝඃන දැක්කා. නායකයන් උදේ ඇවිත් අසාර්ථක ව නිදහස් චතුරස්‍රයෙන් පසු බැස්සට පස්සෙ ජනතාව මොනව කරන්න ද?




මා හිතනවා මහා සංඝ රත්නය ජනාධිපතිතුමා හමු වී අගමැතිතුමා හැරෙන්න සෙසු රාජපක්‍ෂවරුන් අමාත්‍ය මණ්ඩලයෙන් අස්කරන ලෙස ඉල්ලීමට කාලය ඇවිත් කියා. මේ ඉල්ලීම කාලයක් තිස්සේ විවිධ ජාතිකවාදීන් විටින් විට කර තියෙනවා. ඒත් දැන් එය සංවිධානගත ව භික්‍ෂූන් වහන්සේගේ නායකත්වයෙන් කිරීමට කාලය ඇවිත්.



ජාතිකවාදීන් බලයට පත්කෙළේ ගෝඨාභය නම් රාජපක්‍ෂ මිස සෙසු රාජපක්‍ෂවරුන් නො වෙයි. මහින්ද රාජපක්‍ෂ මෙරට ජනනායකයා බැවින් ඔහු ගැන ප්‍රශ්නයක් නැහැ.  නව අමාත්‍ය මණ්ඩලය ජාතිකත්වයක් ඇති බහුතරයකින් සමන්විත විය යුතුයි.


පාලනය අවුල් කරන නිලධාරීන් ද ඉන්නවා. කිසිම සැලැස්මක් නැති ව තෙල් ඇණවුම් කර මූදේ පාවෙන නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවා සමහර විට තෙල් ලබා ගන්නේ නැතිව ම ආපසු යවන නිලධාරීන් බලවතුන් මහා බැංකුවේත් වෙනත් අයතනවලත් ඉන්නවා. ඔවුන් ද ආපසු යැවීමට දැන් කාලයයි. ඔවුන්ටත් රුපියල මෙන් ම පාවෙන්න හරින්න. අර චීන නැව ආපසු හැරිය බක පණ්ඩිත විද්‍යාඥයන් කවුද?

 තවත් එක් දෙයක් පමණක් කියනවා. ඉම්රාන් ඛාන් තමාට විරුද්ධ ව ගෙනා විශ්වාසභංග යෝජනාවෙන් ගැලවිලා. අප මෙය සැලකිල්ලට ගන්න ඕන. ඊනියා භූ දේශපාලන යථාර්ථයක් ගැන මැත දොඩවන පඬි නැට්ටන් මේ කරුණු සැලකිල්ලට ගන්නේ නැහැ.

Goatabaya12
අද බටහිරටත් ඉන්දියාවටත් ඉම්රාන් ඛාන් මෙන් ම ගෝඨාභයවත් ගෙදර යවන්න ඕන. ඔවුන් තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරණ නායකයන් අපේ රටවල තියන්නේ නැහැ.

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එවැනි නායකයන් වෙනස් කරන්න පුළුවන් නම් ඔවුන් එය පාර්ලිමේන්තුව ඊනියා ජනතා උද්ඝෝෂණ ආදිය මගින් කරනවා.

බටහිරයන් කිසි දා ගෝඨාභයටවත් මහින්දටවත් පක්‍ෂ වන්නේ නැහැ. මතක ද දින පනස්දෙකේ ආණ්ඩුව බිඳ වැටුණු විට බටහිර තානාපතිවරු පාර්ලිමේන්තුවේ දී සියලු සම්මතයන් බිඳිමින් ප්‍රීති ඝෝෂා පවත්වපු ආකාරය. අද බටහිරයන් ගෝඨාභය ගෙදර යවන්න හදන්නෙ ඊනියා ජන උද්ඝෝෂණ මගින්.


මේ උද්ඝෝෂණ ජනතාවගේ තබා සජිත්ගේවත් නො වෙයි. මෙරට ඇමරිකානු තානාපතිනිය ජනතා උද්ඝෝෂණ වෙනුවෙන් ට්විටර් පණිවුඩ නිකුත් කරනවා. ඊනියා අධිරාජ්‍ය විරෝධී ජෙප්පන් සෙප්පන් වමාලා පඬි නැට්ටන් එහි දී බටහිරයන් සමග එකට සිටිනවා. මේ නඩය බටහිරින් ආධාර ලබා ගන්නවා.



බටහිරයන් ලංකාව වගේ රටක ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් නායකයන් වෙනස් කරනවා. එහෙම බැරි රටවල නායකයන් ඝාතනය කරනවා. සදාම් හුසේන් ගඩාෆි දෙවැනි ක්‍රමයට ඉවත් කරනු ලැබූ අය. මේ මොන ක්‍රමයට වුණත් ක්‍රියාත්මක වන්නේ ඊනියා වසන්ත. අපි ලංකා වසන්තය පරාජය කිරීමට කටයුතු කරමු. අපි තෙල නොබෙදා තෙල් බෙදමු.        

(මහාචාර්ය නලින් ද සිල්වා )
kalaya.org

Nalinda Silva 2020.04.18





 

 

 

GO home 2022 1

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්