leader s

''මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න අපි සූදානම්. හැබැයි, ඒකට අවංක උත්සාහයක් ඕන.'' යයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද

සිල්වා පවසයි.

''මේ රට මෙතනට වැටෙනවා කියල මම අවුරුදු ගණනක ඉඳල කිව්වා. කිව්ව දේ හරි ගියා කියල මට සතුටක් නෑ. උගුර ලේ රහ වෙනකං කෑගහලත් අපි කිව්වදේ ඇහුවෙ නැති එක ගැනත් අද රටට අත්වෙලා තියන ඉරණම ගැනත් මම හදවතින්ම දුක් වෙනවා. මම හැමදාම කිව්ව වගේ මේ අර්බුදයෙන් අපි හැමෝම නැත්තටම නැති වෙනවා.

ඒකට පක්ෂ පාට භේදයක් නෑ. මේ රට බේරගන්න ඉදිරිපත් වෙන්න අපි සූදානම්. හැබැයි, ඒකට හැමෝගෙම අවංක උත්සාහයක් තියෙන්න ඕන.  එවැනි අවංක උත්සාහයක් නොමැතිව මේ අභියෝගය ජයගන්න බෑ. මේ අවස්ථාවේ අවශ්‍ය පුද්ගලයින් පිම්බීම නෙවෙයි. සුපර් මෑන් කෙනෙකුට මේ අභියෝගය ජයගන්න බෑ.

අපි සියළුදෙනාටම අවංකව එකතුවීමෙන් පමණයි මේ අභියෝගය ජයගන්න පුළුවන්.





හර්ෂ ජනාධිපති කරමු !


ජනපතිකම සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අප්‍රේල් 06 දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ ආර්ථික විශේෂඥයකු හෙයින් ආචාර්ය හර්ෂ ද සිල්වා රටේ ආර්ථික ප්‍රශ්නය විසඳුණු ඇති බවයි.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදීය.


 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්