නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් ගොස් ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමක් සිදු නොවෙනු ඇතැයි පැවසේ.


නව අමාත්‍ය මණ්ඩලය සඳහා සිදුකරනු ලබන පත්වීම් සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම බොහෝ වීට සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදුවෙනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.



ජනපති - පෙරළිකාර මන්ත්‍රී හමුව සාර්ථකයි



රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පෙරළිකාර මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් අතර ඊයේ (100 රාත්‍රී තීරණාත්මක සාකච්ජාවක් පැවැත්විණ.

 පැය දෙකක පමණ කාලයක් තිස්සේ පැවති මෙම සාකච්ජාවේදී 'පෙරළිකාර කණ්ඩායම' ඉදිරිපත් කළ යෝජනා 11 සම්බන්ධයෙන් එකඟතාවය පළකර ඇති ජනාධිපතිවරයා, එම යෝජනාවලියේ සඳහන් ඇතැම් කරුණු ව්‍යවස්ථාවට පටහැනිවිය හැකි බැවින් එම කරුණු සංශෝධනය කර නොපමාව ඉදිරිපත් කරන්නැයි දැනුම්දී ඇත.



අගමැති ධුරය සම්බන්ධයෙන් කරුණු විමසීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් (113) පෙන්විය හැකි ඕනෑම මන්ත්‍රීවරයකුට අගමැති ධුරය ලබාදීමට තමා සුදානම් බවයි.


දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡා වටයක් හෙට (12) දිනයේ පැවැත්වීමට ද එකගතා පළ වී ඇත.

ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයකට අනුව දෙපාර්ශවය අතර මෙම සාකච්ඡාව පැවති අතර ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපතිවරයා පමණක් මෙම සාකච්ඡාවට සහභාගි විය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ සභාපති හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර,  ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහභාගී විය.

එසේම පක්ෂ 10 සන්ධානය නියෝජනය කරමින් එම පක්ෂවල නායකයින් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, පුජ්‍ය අතුරලියේ රතන හිමි, අසංග නවරත්න, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ හා ඒ.එල්.එම්. අතාවුල්ලාහ් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ඊට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හා ජෝන් සෙනවිරත්න ද මෙම සාකච්ජාවට එක්විය.

රට අරාජික සහ අස්ථාවරවීම වැළැක්වීම සඳහා වන යෝජනා 11ක් ඇතුළත් ලිපියක් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉකුත් සිකුරාදා (08) යවනු ලැබීය.



රට පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීම සදහා නව අගමැතිවරයකු හා සීමිත කැබිනට මණ්ඩලයක් යටතේ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලීමක් කර තිබිණි.



සබැඳි පුවත් :
ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට යෝජනා 11 ක් - නව අගමැතිවරයෙකු පත් කරන්න කියයි

The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්