ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වාඩිලා ගෙන විරෝධතාවයේ යෙදී සිටින තරුණ තරුණියන් සමග ගැටුමක් ඇතිකර ගැනීමේ සුදානමින් යුතුව රාජපක්ෂවරුන්ට පක්ෂපාත 'වොයිස්කට්' හිමිවරුන් පිරිසක් අද (12) දිනයේ
ජනාධිපති කාර්යාලය අසලට වැඩමකර වීමේ සුදානමක් ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
එම ආරංචිමාර්ග වලට අනුව මෙම මෙහෙයුම පවරා ඇත්තේ සුදු රෙදි නඩුවට අදාලව පැමිණිල්ලෙන් චෝදනා ලබා සිටි පුජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන්ට බව පැවසේ. ඒ අනුව උන්වහන්සේ ඇතුළු හිමිවරුන් පිරිසක් අන්ත ජාතිවාදීන් පිරිසක්ද සමගින් ජන අරගල භූමියට කඩා වැදීමේ සුදානමකින් සිටින බවත් වාර්තාවේ.
මේවනවිට එම පිරිස නෙලුම් පොකුණ රඟහල තුල සංවිධානය වෙමින් සිටින බවද පැවසේ.
එම හිමිවරුන් සමග ගැටුමක් ඇතිකර ගැනීම ඔත්තුකරුවන් කිහිපදෙනෙකු මේවනවිටත් අරගල භුමිය තුල රඳවා සිටින බවත් වාර්තාවේ.
කෙසේවුවද මේ සම්බන්ධ තොරතුරු ප්‍රචාරය වීමත් සමග අරගලයට සහය දීම සඳහා මිනිසුන් සිය දහස් ගණනින් මේ මොහොතවන විට අරගල භූමියට එක් රොක්වෙමින් සිටිති.
ආණ්ඩුවේ පාර්ශවයෙන් කුමනාකාරයේ කුපිත කිරීම සිදුකලත් සාමකාමිව හැසිරෙන ලෙසත්, කිසිඳු විටෙක ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග අනුගමනය නොකරන ලෙසත් අරගල භුමියේ සිටින සංවිධායකයින්
යලි ජාතිවාදයක් ඇති කිරීමට සැලසුම්කර ඇති මෙම කුමන්ත්‍රණය පිළිබඳව අරගල භුමියේ සිටින තරුණ ක්‍රියාකාරීන් මේවනවිටත් මෙරට තානාපති කාර්යාල හා ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කර තිබේ.
මහනාහිමියන් ගේ පණිවිඩයක් ! - ඕමල්පේ සෝභිත හිමි ජනඅරගල භුමියට
මේ අතර මහනාහිමියන් වහන්සේලාගේ පණිවිඩයක් රැගෙන මහ සංඝරත්නය කොටුව සම්බුද්ධාලෝක විහාරයේ සිට ජනඅරගල භුමියට අද සවස 2.30.ට වැඩම කිරිමට නියමිතය.
කැදවුම්කාරක මණ්ඩලය වෙනුවෙන් ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත, ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප, මහචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන, මහචාර්ය පුජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි, මහචාර්ය පුජ්‍ය එළමල්දෙණියේ සාරන්න නාහිමිවරුන් ඇතුළු මහ සංඝරත්නය මෙම අවස්ථාවට එක්වන බව බුදුගල ජිනවසංහිමි දැනුම් දී සිටිති.
The Leader TV අද වීඩියෝ