ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.


ජනාධිපතිවරයා ගන්නාවූ  පියවර ගැන ජනතාව බලා සිටින බවද ඔහු කීවේය.

ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග ශක්තිමත්ව කටයුතු කිරිම වැදගත් බවත් ඔහු  දැනටමත් එසේ කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ‍ය.

රට ගොඩනැඟීම සඳහා සියලුම ජනතාව එකාවන්ව කටයුතු කිරීම වැදගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (16) පස්වරු 5.00ට කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.



ඩලස් -බන්දුල -මහින්දානන්ද -ලොකුගේ තනතුරු බාර නොගන්නා තීන්දුවක !



මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ ගාමිණි ලොකුගේ නව කැබිනට් මණ්ඩලයේ පත්වීම් භාර නොගැනීමට තීරණය කර ඇති බවයි.

ඒ වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරුන්ට ඉඩ සලසා දිය යුතු බවත් තමන් ජේෂ්ඨ අමාත්‍යවරුන් ලෙස පසුපෙල හිදිමින් රජයට උපකාර කරන බව එම හිටපු අමාත්‍යවරුන් ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට දැනට සැලසුම් කර ඇත.

එහිදී, මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කරනු ඇතත්, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ  යන හිටපු අමාත්‍යවරුන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොකෙරෙන බවද වාර්තාවේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්