leader s

ප්‍රශ්නයට උත්තර දීමට බැරිනම් මෙතන 225 දෙනාම අස්වීම් ලිපි දී ගෙදර යමු යයි තමා යෝජනා කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.



මන්ත්‍රිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

" මේ ප්‍රශ්නයට තවමත් මෙතනින් හරි උත්තරයක් ලැබුණේ නැහැ. එළියෙ ඉන්න ජනතාවට ඒ ගැන ප්‍රසාදයක් නෑ. මෙතන ඉන්න අයට කන් ඇහෙන්නේ නැද්ද ඇස් පේන්නෙ නැද්ද කියලා අද ඒ අය අහන්නෙ ඒ නිසයි. පාර්ලිමේන්තුව ඉන්නේ ගොබ්බයෝද කියලත් අහනවා. මම දැන් මෙතන යෝජනාවක් කරනවා.

කරන්න බැරිනම් අපි 225 දෙනාම අස්වීම් ලිපිදී ගෙදර යමු."



''වැඩ බැරිනම් පසුපෙළට දෙන්න''- උද්දික ප්‍රේමරත්න



ඒ අතර අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී පැවසුයේ ජ්‍යෙෂ්ඨයන්ට තීන්දු තීරණ ගන්න බැරිනම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට එම තනතුරු දෙන්නැයි ද අගමැතිකම හරි කමක් නැතැයි ද තීන්දු අරගෙන ඒ තනතුරු නැවත දෙන්නම් යැයි ද කියා ය.

පසුපෙළ මන්ත්‍රීවරුන් රස්තියාදු ගහමින් සිටින අතර ඔවුන්ගෙන් කිසිදු වැඩක් ගන්නේ නැතැයි ද ප්‍රේමරත්න චෝදනා කර සිටියේය.

"පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කීදෙනෙක් රස්තියාදු ගගහ ඉන්නව ද? ඔවුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන පළමු වරද එයයි.

මේ රටේ ප්‍රශ්න ගොඩගැහිලා තිබෙන්නේ. හරිනම් මේ වගේ වෙලාවක දිගටම වැඩ කරලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න ඕන. මෙතන විසඳුම් නැතිනම් විසඳුම තියෙන්නෙ කොතනද?

ජ්‍යෙෂ්ඨයන්ට තීරණ ගන්න බැරි නම් අපිට දෙන්න. අපි ගන්නම්. ජ්‍යෙෂ්ඨ තනතුරු. අගමැතිකම හරි කමක් නෑ. අපි තීන්දු අරගෙන ආපහු ඒ තනතුරු දෙන්නම්. අපිට ආසන ඕනත් නැහැ. අපි මහ පොළොවේ වාඩිවෙලා හරි තීරණ ගන්නම්.

මේ වෙලාවෙ වත් අඩියක් පස්සට ගන්න. ප්‍රතිරූප වලින්  එළියට එන්නැයි  අප  ජේෂ්ඨයන් ගෙන් ඉල්ලනවා.'' ඔහු ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

 

 

Leader Whats app

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්