leader s

රාජපක්ෂ ආණ්ඩුවේ අදුරදර්ශී දේශපාලන හා ආර්ථික ක්‍රියා මාර්ග නිසා මේවනවිට රට බංකොලොත්ව ඇත. මිනිසුන් අන්ත අසරණ වී ඇත.

මේවනවිට ඊට එරෙහිව මිනිසුන් විදි බැස රාජපක්ෂ පාලනයට විරෝධය පළකරමින් සිටියි.  


දෙසතියකට වැඩි කාලයක් ජනාධිපති කාර්යාලය වටලා සිදුකෙරෙන විරෝධය මේවනවිට ජාත්‍යන්තරයේ පවා අවධානයක් යොමුව ඇත. මේවනවිට එම ජන අරගල භුමියේ සිදුකෙරෙන සාමකාමී විරෝධය සමාජ මාධ්‍ය හරහා වයිරල් වෙමින් තිබේ.

ඒ අතර එම විරෝධය පාදකකර ගනිමින් ප්‍රචාරක දැන්වීම් පවා නිර්මාණය වෙමින් තිබේ.

උන්ඩියෙල් මුදල් හුවමාරුවට එරෙහිව සමාජය වෙත එල්ල කරන ප්‍රබල පණිවිඩයක් ලබාදෙමින් සිදුකර ඇති දැන්වීම එවැනි නිර්මාණයකි.

ලංකාවේ වර්තමාන අර්බූදය උග්‍රවුයේ උන්ඩියෙල් හරහා විනිමය හුවමාරු කිරීමට ජනතාව පෙළඹීමත් සමගය.

එකල උතුරු නැගෙනහිර පළාත්වල පමණක් ප්‍රචලිතව තිබූ මේ නීති විරෝධි විදෙස් මුදල් හුවමාරු ක්‍රමය මේ වන විට මුළු රටම වෙළාගෙන හමාරය. ඒ රාජපක්ෂ විරෝධයද සමගිනි.

 

Leader Whats app

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්