leader s

ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට අගමැතිවරයාගේ විජේරාම නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින් සිටිති.


ඇතැම් සිසුන් තාප්පය මත නැග සිය විරෝධය එල්ල කරන අතර නිලනිවෙසට ඇතුළුවන ගේට්ටුව අසල කළු කොඩි ඔසාව ඔවුහු විරෝධය පාති.

වත්මන් ආණ්ඩුවටත් ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත් වහාම ඉල්ලා අස්වන ලෙස බලකරමින් මේ වනවිට රට පුරා අරඹා ඇති විරෝධතාවලට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය “ආණ්ඩුව #පන්නමු ! ක්‍රමය පෙරළමු !” ලෙස සඳහන් බැනර් ප්‍රධර්ශනය කරමින් අද කොටුම දුම්රියපොල ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කරන ලදී.

මෙම පා ගමන පංචිකාවත්ත, පුංචි බොරැල්ල සහ බොරැල්ල පසු කරමින විජේරාම මාවතේ කැප්පෙටිපොළ මාර්ග හරහා විජේරාම මාවතට පිවිසුන අතර ඊට 3000සකට අධික සිසුන් පිරිසක් එක්ව සිටියේය. 

ඔවුන් ගාලුමුවදොර අරගල භූමියට ගමන් කිරීමට සූදානමක් පවතින බවද සඳහන් කරමින් පොලීසිය ගාලුමුවදොරට ඇතුළුවන සියලුම මාර්ග, මාර්ග බාධක යොදා අද අලුයම සිට අවහිර කර තිබිණ.

 
අගමැති නිලනිවසේ තාප්පය දැන්වීම් පුවරුවක් කර ගනිමින්...

MR 2022.04.24 1

 

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්