leader s


රට තුළ පවතින දේශපාලන අවුල් සහගත තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තේරී පත්වන රජයේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයා සමඟ උපරිම මාස 6ක කාලයක් සඳහා අන්තර්වාර

ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඉදිරිපත් කර තිබේ.

කුමාරතුංග විසින් ලිපියක් මගින් මෙම යෝජනාව ප්‍රසිද්ධියට පත් කරන තිබේ.

 “හැකි ඉක්මනින් විසඳුම් සෙවීමට සහ රට යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියාකාරීව එක්වීමේ අපගේ වගකීම නොසලකා හැරිය නොහැක.” යනුවෙන් එහි සඳහන් වෙයි.

තමන් බොහෝ සංවාදවල සහ සාකච්ඡාවල නිරත වූ බවත්, බොහෝ ආවර්ජනයකින් පසුව ගාලු මුවදොර සහ රට පුරා සිටින තරුණ තරුණියන්ගේ සහ වැඩිහිටියන්ගේ දැඩි ඉල්ලීම් සැලකිල්ලට ගැනීමට උත්සාහ කරන යෝජනාවක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපතිනිය එම ලිපියේ සඳහන් කර ඇත.

එහිදී ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින් මෙන්ම සමාජයේ විවිධ අංශවල නායක නායිකාවනගේ අදහස් වලට සවන් දුන් බව ඇය සඳහන් කරයි.

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින අය අතරින් පත් කළ යුතු මන්ත්‍රීන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 12 කට සීමා කිරීම මෙම යෝජනාවට ඇතුළත් ය.



ජනාධිපති ධුරය අහෝසි කර ඒ වෙනුවට නාමික ජනාධිපතිවරයෙකු වන රාජ්‍ය නායකයෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාමය සංශෝධන ගෙන ඒම අන්තර්වාර රජයට පැවරෙනු ඇත.



ප්‍රතිපත්ති, නීති, රෙගුලාසි කෙටුම්පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ සියලු කරුණු පිළිබඳව කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වන ජාතික ප්‍රතිපත්ති සඳහා රාජ්‍ය කවුන්සිලයක් පිහිටුවීමේ යෝජනාවක් ද එහි අඩංගු වේ.

එම කවුන්සිලය සාමාජිකයින් 101 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 75 දෙනෙකු සිවිල් සංවිධාන, වෘත්තීය ආයතන, පෞද්ගලික අංශය සහ ව්‍යාපාර, විද්වතුන් යනාදියෙන් නම් කරනු ලබන අතර ඉතිරි සාමාජිකයින් 26 අගමැති සහ විපක්ෂ නායක විසින් නම් කරනු ලැබේ.

මෙම යෝජනාව මගින් ජාතික ප්‍රතිපත්ති සඳහා රාජ්‍ය කවුන්සිලයට කාන්තාවන් සඳහා 40% ක් සහ වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් සඳහා 40% ක් නියෝජනය  තිබිය යුතු බව කියා සිටී. මෙම කෙටුම්පත සාකච්ඡාවට සහ සංශෝධන සඳහා විවෘත බව ඇය පවසා තිබේ.

එම යෝජනා පහත දැක්වේ.



cbk 01CBK 2



(උපුටා ගැනීම - srilankabrief.org)

 
 

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්