leader s


රටේ පැන නැගී තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුද සමනය කිරීමට විසඳුම් සෙවීම සඳහා එකඟතාවක් ගොඩනගා ගැනීමට දෙමළ දේශපාලන පක්‍ෂ සාකච්ජා අරඹා තිබේ.


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 20 වැනි සංශෝධනය අහෝසි කොට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස 19 යළි බලගැන්වීම, ජාතික ප්‍රශ්නයට විසදුම් ලෙස ෆෙඩරල් පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීම ආදී කරුණු ගැන පෙරේද [25]යාපනේදී රැස්වූ දෙමළ පක්‍ෂ නායකයන් හා බහුජන සංවිධාන නියෝජිතයන් තීරණය කළ බව යාපනේ මාධ්‍යවේදියෝ පවසති.

අදාළ කතා බහේදී එළඹී තීරණයන් ගැන සවිස්තර වාර්තාවක් සකස් කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වෙත පවරා ඇති අතර එය ඉදිරි දින වලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

යාපනයේ පෞද්ගලික අවන්හලක පැවති මෙම සාකච්ජාවට බහුජන සංවිධාන නියෝජිතයන්ට අමතරව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී, දෙමළ ජාතික පක්ෂයේ නායක එන්.ශ්‍රීකාන්තා, ටෙලෝ සංවිධානයේ නියෝජිත වින්දන් කනගරත්නම්, ඊපී ආර් එල් එෆ්  සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් සහභාගිවී තිබේ.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස නිරන්තරයෙන් බලපෑම් කරන මෙම දේශපාලන පක්‍ෂ නායකයන් මෙහිදී ඒ ගැන එතරම් අවධානයක් යොමු නොකිරීම විශේෂත්වයකි.

 

Leader Whats app

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්