1200 x 80 DMirror

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (02) පෙරවරු 11.00ට ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ජාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ නියෝජිතයින් සහභාගී වීමට නියමිත බව ජනාධිපති මන්දිර ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් යෝජනාවලියක් දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ යෝජනාවලියද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

යෝජනාවලිය එම කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට දැනටමත් බාර දෙනු ලැබ ඇත.

දේශපාලන පක්ෂ සමග අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නම් කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන ස්වාධින කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසයි.

අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මෙසේ පැවසිය.


අන්තර්වාර පාලනයට එකඟයි - පොහොට්ටු ලේකම්




මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් 'අරුණ' පුවත්පතට පවසා ඇත්තේ, අන්තර්වාර පාලනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ බවත් අන්තර්වාර පාලනය සියලු පක්ෂවලින් සැදුම්ලත් එකක් විය යුතු බවත්ය.

අන්තර්වාර පාලනය ආණ්ඩුවෙන් ඉවත් කෙරුණු මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සකස් වන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත් වේ. එහිදී අන්තර් කාලීන ආණ්ඩුව, සමගි ජනබලවේගය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය හා දෝෂාභියෝගය ඇතුළු කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරීමට නියමිතය.



අගමැති ඉවත්විය යුතුයි !



මේ අතර ජනතාව ඉල්ලා සිටින නව වැඩපිළිවෙලක රජයක් පිහිටුවීම සදහා මහින්ද රාජපක්‍ෂ අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කට වැඩි පිරිසක් අන්තර්කාලීන ආණ්ඩුවක් බිහි කළ යුතු බවට වන ස්ථාවරයේ සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ කියා සිටියි.


 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය