ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නායකත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කරන්නයි එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග

පවසයි.

බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කටයුතු වලින් ඉවත්කර තැබීම ආණ්ඩුව තුල අභ්‍යන්තර ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වූ බව එම මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇතැයි ඉහත ආරංචිමාර්ග තවදුරටත් කියා සිටියි.

අගමැති මහින්ද රාජපක්ෂ මේවනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකයා ලෙස කටයුතු කරන අතර බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක වේ. එම පක්ෂයේ අනෙකුත් සියලු තනතුරු වලට පත් කර ඇත්තේ, බැසිල් රාජපක්ෂ ගේ අනුගාමිකයින් පිරිසක් බවට ඉහත සඳහන් පසුපෙළ මන්ත්‍රීවරු චෝදනා කරති.

ඒ බැවින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්ව විශ්‍රාම ගත් වහාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කරන්නැයි එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු වැඩිදුරටත් ඉල්ලා සිටියි.



ඒ අතර අගමැතිවරයාට හිතවත් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇත්තේ, පොහොට්ටු පක්ෂයේ නායකත්වයට නාමල් රාජපක්ෂ පත්කළ යුතු බවයි. අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් මේ දිනවල ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරමින් සිටින බව ද ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.



'ස්වාධින' කට්ටියෙන් අලුත් පක්ෂයක් - නායකත්වයට ප්‍රබලයෙක් !



මේ අතර සති අන්ත 'දේශය' ජාතික පුවත්පත වාර්තා කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ සිට මේ වනවිට ස්වාධීනත්වය ප්‍රකාශ කර ඇති මන්ත්‍රීන් විසින් ඉදිරි මහා මැතිවරණය අරමුණු කරගෙන නව දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීමට තීන්දු කර ඇති බවයි.

'දේශය'ට විශේෂ ප්‍රකාශයක් කර ඇති එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ බව අනාවරණය කර තිබේ.



එහි නායකත්වය භාරගන්නා ලෙස වත්මන් රජයේ උසස්ම පදවියක් හොබවන ජ්‍යෙෂ්ඨ නායකයකුට ආරාධනා කිරීමට අපේක්ෂා කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත. එහෙත් එම නායකයාගේ නම දැන්ම හෙළිදරව් නොකරන වගද අදාළ ප්‍රකාශකයා සඳහන් කර තිබේ.



පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ ලෙස ක්‍රියාත්මක වූ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ ඇතුළු සෙසු පක්ෂ නව දේශපාලන පක්ෂය සමඟ ගිවිසුම් ගත වී සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කර ඇතැයිද 'දේශය' පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්