1200 x 80 DMirror

සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවෙන් පිටව එන අවස්ථාවේදී විරෝධතාකරුවන් පිරිසකගේ බාධාකිරීම් වලට ලක්ව ඇත.

පාර්ලිමේන්තු ඉදිරිපිට මාර්ගය විරෝධතාකරුවන්ගේ ග්‍රහණයේ පවතින තත්ත්වයක් තුල එම මන්ත්‍රීවරුන් වෙනත් මාර්ගයකින් එන අවස්ථාවේදී පාර්ලිමේන්තුව අසල ජයන්තිපුරදී මෙම අකරතැබ්බට මුහුණදී ඇත.

හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවයේ නියුතු අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් විසුරුවා හැරීමට පොලිසිය අද (06) දිනයේ ද කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කිරීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විරෝධය කර එමින් සිටියදීය.

 
 

අරගලකරුවන්ට පහරදීමට එරෙහිව සජබ ගේම ඉල්ලයි !
 
 


පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතවන අරගල කරුවන්ට පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙමින් සිටින නිසා ඊට එරෙහිව පියවරක් ගැනීමට කතානායක වරයා වහා මුලසුනට ගෙන්වන්නැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහාකාරී ලෙස හැසිරීම තුළ මැයි මස 17 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ කලහාකාරී සිද්ධියෙන් පසු මුලසුනට පැමිණි කතානායක වරයා මේ බව නිවේදනය කළේය.

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීමේ දී පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ  නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න බිම ඇද වැටී ඇත.

හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ගයන්ත කරුණාතිලක, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, මූජිබුර් රහුමාන් ඇතුළු තවත් පිරිසක් දිගින් දිගටම කතානායකවරයා මුලසුනට කැඳවන ලෙස බලකරමින් සිටින අතර හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සෙංකෝලය  අසලට පැමිණියහ.

ඒ සමඟම වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හා නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් ජයරත්න සෙංකෝලය ආරක්ෂා කරමින් එය සිය යටතට පත්කරගන්නට උත්සාහ කිරීමත් සමඟ ඔවුන්ට පහර දීමක් සිදු වනු දක්නට ලැබිණ.

ඒ සමඟ සෙංකෝලය සමඟ වේත්‍රධාරිවරයා ඇද වැටුනු අතර ‍සෙංකෝලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දරනු දක්නට ලැබිණ.

පසුව ඒ අසලට සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරුද පැමිණි අතර පොර බැදීමේදී නියෝජ්‍ය වේත්‍රධාරී වරයාද ඇඳ වැටෙනු දක්නට ලැබිණ.

කතානායකවරයා කාමරයට වී සිට පලක් නැතැයි ද විශ්වාසභංගය ද වහාම විවාදයට ගත යුතුව ඇතැයි ද විපක්ෂයේ මන්ත්‍රීවරු කීහ.

 

සරසවි සිසු විරෝධයට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්



පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවයේ නියුතු අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් විසුරුවා හැරීමට පොලිසිය අද දිනයේ ද කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේය.


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය