leader s

“දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයාට හිමි ඉහළම ගෞරව සම්මානය” හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය ට හිමි වී තිබේ.


"එක්සත් ජාතීන්ගේ තිරසාර විහිදුම් ඉලක්ක ක්‍රියාකාරී දශකය" යටතේ යුගයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබවීමෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව නිසි ඇගයීම සඳහා සහ සන්ෆෝ ග්ලෝබල් ෆෙඩරේෂන් හි ගෞරවනීය අනුශාසක ලෙස කටයුතු කිරීම වෙනුවෙන්" ජනතාවට සාමය, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවූ නිර්භීත ජනතා නායකයෙකු" ලෙස හිටපු කතානායකවරයා වෙත මෙම ජාත්‍යන්තර ගෞරව සම්මානය මැයි 08 වන දින ශ්‍රී ලංකාවේ කොළඹදී පිරිනමා ඇත.

කරු ජයසුරිය වෙත මෙවැනි සම්මානයක් හිමිවන්නේ, ඔහුගේ නම අග්‍රාමාත්‍ය ධුරයට යෝජනාවෙමින් තිබෙන දේශපාලන පසුබිමකදී වීම සුවිශේෂී කාරණයකි.

අගමැති ධුරය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට කළ ආරාධනය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක, සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් යෝජනා කර ඇත්තේ අන්තර්කාලින ආණ්ඩුවේ අගමැති ධුරයට කරු ජයසුරිය පත්කර ගැනීම කාලෝචිත බවයි.

ඒ වෙනුවෙන් කරු ජයසූරියට පාර්ලිමේන්තුවට ප්‍රවේශවීම සඳහා සජබ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇතැයි ද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

WhatsApp Image 2022 05 09 at 8.03.53 AM

WhatsApp Image 2022 05 09 at 8.03.52 AM 2

WhatsApp Image 2022 05 09 at 8.03.52 AM

 

 Leader Whats app

 

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්