leader s

රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් විසින් මුහුදු හා ඉඩම් සම්පත් කොල්ලකමින් අරඹන ඉස්සන් වගා ව්‍යාපෘතියකට වාකරේ ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ලවී තිබේ.


තට්ටුමුනෛ, පුලියන්කඩල් අඩි, පාල්සේනෛ, කදිරවේලි, කට්ටුමුරිචි සහ අම්බන්දන්වේලි ගම් වැසියන් මෙම ඉස්සන් ගොවිපළට එරෙහිව විරෝධතා පෙත්සමක් අත්සන් කරමින් ඉල්ලා සිටින්නේ ව්‍යාපෘතිය අවලංගු කරන ලෙසයි.



දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ නායක, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරෙන මෙම ඉස්සන් වගා කිරීමේ ගොවිපල සඳහා තට්ටමුනෛ සිට කට්ටුමුරිචි දක්වා කළපු ප්‍රදේශයේ ඉඩම් හෙක්ටයාර් 950 ක් වෙන් කරගෙන තිබේ.



ප්‍රදේශයේ ධීවර, කාන්තා, ආගමික, ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන සමිති සමාගම් විසින් දියත් කර ඇති විරෝධය හමුවේ වාකරේ ප්‍රාදේශීය ලේකම්වරයා පොරොන්දු වුයේ අදාළ ව්‍යාපෘතිය සඳහා ඉඩම් මැනීම නවතා දමන බවකි.

එහෙත් දින කිහිපයකට පසු රාජ්‍ය ඇමතිවරයා නායකත්වය දෙන දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ සාමාජිකයන් පැමිණ ඉස්සන් වගා ගොවිපළට සහාය ලබා දෙන ලෙස ගම් වැසියන්ට බලපෑම් කිරීමත් සමගින් යළිත් විරෝධතා ආරම්භ වූ බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.

Leader Whats app

5

  6

7

 

8

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්