''අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයට දමිළ ප්‍රගතිශීලී සන්ධානය සහයෝගය දෙන්නේ නැහැ. නමුත්, එම රජය කකුලෙන් ඇදලා හදිස්සියේ පෙරලීමේ කිසිදු උත්සාහයකට අපි සහය දෙන්නෙත්

නැහැ.'' යයි 'දමිළ ප්‍රගතිශීලී සන්ධානය' පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසිය.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේසන් තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''පොදු ජනතාවගේ ජීවනෝපාය ගැටලුවලට අවම විසඳුම් සෙවීමට නව රජයට කාලය අවශ්‍ය බව අපි පිළිගන්නවා.''

 ''තමන්ගේ රජයත් සමග එක්වෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ අපිට ආරාධනා කළා. ඔහුගේ ආරාධනාවට ස්තූතියි කරලා, ප්‍රතිපත්තිමය වශයෙන් අපි ඒක ආචාරශීලීව ප්‍රතික්ෂේප කළා. ''

''නමුත් එනිසා පක්ෂ දේශපාලනය කරලා කෑගහලා, අවුල් ඇතිකරන්න අපිට කැමති නැහැ.''

''ජීවනෝපාය අර්බුදයේ අතරමංව සිටින ජනතාව මුදා ගැනීමට ඔහුට හැකි සියලුම දේ අග්‍රාමාත්‍යවරයාට කරන්න පුළුවන්''

 ''රනිල් වික්‍රමසිංහ, අපගේ හිටපු අග්‍රාමාත්‍යවරයා. ඔහුගේ ශක්තිය හා දුර්වලතා අපිට හොඳටම දන්නවා. දුර්වලකම ගැන මේම අවස්ථාවේ කතා කරලා ගැලරි දේශපාලනය කිරීමට දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ කිසිවකුට කැමති නැහැ. ''

''ජාත්‍යන්තර සන්නිවේදන සම්බන්ධයෙන්, රනිල්ගේ ශක්තිය මත රටට සෙත වෙනවානම් මම ඒක හදවතින්ම පිළිගන්නවා.''



''අද රටේ කෑම නැහැ. බෙහෙත් නැහැ. ගෑස් නැහැ. ඉන්ධන නැහැ. පොහොර නැහැ. විදුලිය නැහැ. මේවාට අවම විසඳුම් හෝ ඔහු දිය යුතුයි. අගමැතිතුමා ඒක කරපුදෙන්. ඒකට, වගකිව යුතු පක්ෂයක් විදියට අපි ඉඩ දෙමු. එබැවින් අද පවතින සන්දර්භය තුළ, පාර්ලිමේන්තුවෙ ඔහුගේ රජය කකුලෙන් ඇදෙන කිසිදු උත්සාහයකට අපි සහාය දෙන්නේ නැහැ.''


''රටේ ආර්ථික ප්‍රශ්න තිබෙනවා. අපේ රට ගත්ත ණය නිසි කලට ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා. එනිසා ණය දීපු අය සමඟ කතා කරලා ණය ආපසු ගෙවීමේ කාලසටහන් නැවත සකස් කළ යුතුයි.''

''අත්‍යවශ්‍ය අවශ්‍යතා ලබා ගැනීමට අමෙරිකානු ඩොලර් නැහැ. මේ සඳහා මිත්‍ර රටවලින් ණය ආධාර සහ මුදල් හුවමාරු ආධාර ලබා ගත යුතුයි. ඉන්දියාව දැනටමත් මේවා ලබා දෙමින් ඉන්නේ. මේවා තව තවත් වැඩි කළ යුතුයි. දැනටමත් සහාය දෙන මිත්‍ර රටවල්වල සම්මුතියක් (Consortium) පිහිටුවීමට අගමැතිවරයා උත්සාහ කරමින් ඉන්නවා. මේක හොඳයි. බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණ විය යුතුයි.''

 ''ව්‍යවස්ථානුකූලව, අවමවශයෙන් 20 ඉල්ලා අස්කරගෙන, නැවත 19 ගෙන ආ යුතුයි. රටේ හඬට ගරු කරලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට කාලසටහනක් සකස් කළ යුතුයි. මීට පස්සේ රාජපක්ෂලාට මේ රටේ දේශපාලනයේ තැනක් දෙන්න ජනතාව තවදුරටත් සූදානම් නැහැ. අගමැතිවරයා මේක තේරුම් අරගෙන ඇති බව අපි විශ්වාස කරනවා.''

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්